ඔවුන් තුන් දවසක් එකිනෙකා දුටුවේවත් කිසිවෙක් තමාගේ ස්ථානයෙන් නැගිට්ටේවත් නැත. නුමුත් සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වාසස්ථානවල එළිය තිබුණේය.
නික්මයාම 9:26 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් පුත්‍රයන් සිටි ගෝෂෙන් නම් දේශයෙහි පමණක් කිසි ගල් වර්ෂාවක් නොවීය. Sinhala New Revised Version එහෙත්, ඉශ්රායෙල් ජනයා විසූ ගෝෂෙන් දේශයෙහි පමණක් ගල් වර්ෂාව නො වී ය. Sinhala New Revised Version 2018 එහෙත්, ඉශ්රායෙල් ජනයා විසූ ගෝෂෙන් දේශයෙහි පමණක් ගල් වර්ෂාව නො වී ය. |
ඔවුන් තුන් දවසක් එකිනෙකා දුටුවේවත් කිසිවෙක් තමාගේ ස්ථානයෙන් නැගිට්ටේවත් නැත. නුමුත් සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වාසස්ථානවල එළිය තිබුණේය.
එහෙත් මිසරවරුන් සහ ඉශ්‍රායෙල් අතරෙහි ස්වාමීන්වහන්සේ වෙනසක් කරන බව නුඹලා දැන ගන්නා පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කිසි මනුෂ්‍යයෙකුටවත් මෘගයෙකුටවත් විරුද්ධව බල්ලෙක් පවා උගේ දිව නොසොල්වන්නේයයි කීසේක.
ඒ ලේ නුඹලා සිටින ගෙවල්වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒ ලේ දැක නුඹලා පසුකර යන්නෙමි, මා විසින් මිසර දේශයට පහරදෙන කල නුඹලා විනාශකිරීමට පීඩාවක් නුඹලා පිට නොවන්නේය.
එවිට මායාකාරයෝ: මේක දෙවියන්වහන්සේගේ ඇඟිල්ලයයි ඵාරාවෝට කීවෝය. ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට කන් නුදුන්නේය.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ සිව්පාවුන්ද මිසරයේ සිව්පාවුන්ද අතරේ වෙනසක් කරනසේක. ඉශ්‍රායෙල් පුත්‍රයන් සන්තක සියල්ලන්ගෙන් කිසිවෙක් නොනසින්නේයයි ඔහුට කියවයි කීසේක.
පසුවදා ස්වාමීන්වහන්සේ ඒ දේ කළසේක, මිසරයේ සියලු සිව්පාවෝ මළෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළේය.
උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.
තවද කපන කාලයට තුන් මසක් තිබෙද්දී මම වැස්ස නුඹලාගෙන් වලක්වාගතිමි. එක නුවරකට වහින්ට සලස්වද්දී තවත් නුවරකට වැස්ස නොදී ඇරියෙමි. එක බිම් කොටසකට වැස්සේය, වැස්ස නොලැබූ කොටස වියළී ගියේය.