Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 9:25 - Sinhala Revised Old Version

25 ගල් වර්ෂාව වනාහි මුළු මිසර දේශයෙහි කෙත්වල සිටි සියලු මනුෂ්‍යයන්ද මෘගයන්ද හෙළා දැම්මේය; තවද ගල් වර්ෂාවෙන් කෙතේ සියලු පලා ජාති නාස්තිවිය, සියලු ගස්ද බිඳීගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ගල් වර්ෂාව මුළු මිසර දේශය පුරා කෙතේ සිටි සියලු මිනිසුන්ට හා මෘගයන්ට පහර දුනි. තවද එය, කෙතෙහි වූ පැළෑටි සියල්ලට ද පහර දෙමින් එහි වූ ගස් සියල්ල ද බිඳදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ගල් වර්ෂාව මුළු මිසර දේශය පුරා කෙතේ සිටි සියලු මිනිසුන්ට හා මෘගයන්ට පහර දුනි. තවද එය, කෙතෙහි වූ පැළෑටි සියල්ලට ද පහර දෙමින් එහි වූ ගස් සියල්ල ද බිඳදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 9:25
8 හුවමාරු යොමු  

ඔවුන්ගේ මිදිවැල් ගල් වැස්සෙන්ද අත්තික්කා ගස් තුෂාරයෙන්ද විනාශ කළසේක.


එබැවින් දැන් මිනිසුන් යවා කෙතෙහි සිටින නුඹේ සිව්පාවුන්ද නුඹ සන්තක සියල්ලද ඉක්මනින් ගෙන්වාගන්න; මක්නිසාද ගෙට ගෙන්වා නොගෙන කෙතෙහි සිටින්නාවූ සියලු මිනිසුන් සහ මෘගයන් පිට ගල් වර්ෂාව වසින්නේය, ඔව්හු මියයන්නෝයයි ඔහුට කියවයි කීසේක.


මෙසේ මිසර දේශය ජනපදයක්වූ පසු එහි කොතැනකවත් නුවූලෙස ඉතා තද ගල් වර්ෂාවද ගල් වර්ෂාව හා මිශ්‍රව ගිනිද වැස්සේය.


උන්වහන්සේ ඔවුන්ගේ ගවයන් ගල් වැස්සටත් සිව්පා රැළවල් හෙණගින්නටත් පාවාදුන්සේක.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ කෝපයෙන් හුළං-කුණාටුවක් කරණකොටගෙන ඒක ඉරාදමන්නෙමි; ඒක විනාශකරන්ට මාගේ උදහස නිසා සැර වැස්සක්ද මාගේ කෝපය නිසා ගල් වර්ෂාද වන්නේය.


පසුවදා ස්වාමීන්වහන්සේ ඒ දේ කළසේක, මිසරයේ සියලු සිව්පාවෝ මළෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළේය.


තවද ඔවුන් ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලායද්දී, බෙත්-හෝරොන් පල්ලමේදී, අසේකා දක්වා ස්වාමීන්වහන්සේ අහසෙන් මහත් ගල් ඔවුන් පිටට හෙළූසේක, එයින් ඔව්හු මැරුණෝය. ගල් වැස්සෙන් නැසුණු අය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්