නික්මයාම 8:20 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: අලුයම නැගිට ඵාරාවෝ ඉදිරියෙහි සිටුව; බලව, ඔහු වතුර ළඟට පිටත්ව එන්නේය; ඔහුට කථාකරමින්: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතාකොට, “අලුයම නැඟිට, පාරාවෝ ගංගාව බලා එන වේලාවේ දී ඔහු හමු වීමට ගොස්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මට වැඳුම්පිදුම් කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අලුයම නැඟිට, පාරාවෝ ගංගාව බලා එන වේලාවේ දී ඔහු හමු වීමට ගොස්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මට වැඳුම්පිදුම් කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න. |
ඵාරාවෝගේ දුව ගඟේ නෑමට ආවාය; ඈ සමඟ වූ තරුණියෝ ගංඉවුරේ ඇවිද්දෝය; ඈ පන්ගස් අතරේ පෙට්ටිය තිබෙනවා දැක ඒක ගෙනෙන්ට ඇගේ දාසිය ඇරියාය.
ඔවුන් නුඹේ හඬට ඇහුම්කන්දෙනවා ඇත. නුඹද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද මිසරයේ රජු වෙතට ගොස්:-හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට සම්මුඛවූසේක: එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස තුන් දවසක ගමන් වනාන්තරයට යන්ට අපට අවසරදෙන ලෙස ඉල්ලමුයයි ඔහුට කියන්න.
මට මෙහෙකරන පිණිස මාගේ පුත්‍රයා යන්ට හරින්නැයි නුඹට කීමි; නුඹ ඔහුට යන්ට නුදුන්නෙහිය. බලව, මම නුඹේ පුත්‍රයා එනම් නුඹේ කුලුඳුලා නසන්නෙමියි කියනසේකැයි කියන්නැයි කීසේක.
ඉන්පසු මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට අවුත්: මට වනාන්තරයෙහිදී මංගල්‍යයක් පවත්වන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෝය.
ඔව්හුද: හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ අපට සම්මුඛවූසේක. උන්වහන්සේ වසංගතය හෝ කඩුව හෝ ඇතුව අපට විරුද්ධව නොපැමිණෙන පිණිස අප තුන් දවසක ගමන් වනාන්තරයට ගොස් අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්ට අවසර ලැබේවයි කීවෝය.
නුඹ උදය ඵාරාවෝ වෙතට යන්න; ඔහු වතුර ළඟට පිටත්ව යන්නේය; නුඹද සර්පයෙක් වුණ සැරයටිය නුඹේ අතින් ගෙන ඔහුට සම්මුඛවන පිණිස ගංඉවුරෙහි සිට ඔහුට කථාකරමින්–
එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝ වෙතට ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔහුට කියන්න–මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.
නැතහොත්, මාගේ සෙනඟ නාරින්නෙහි නම්, මම නුඹ පිටටත් නුඹේ සේවකයන් පිටටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ ගෙවලටත් මැසි රංචු එවන්නෙමි. මිසරවරුන්ගේ ගෙවල්ද ඔවුන් සිටින භූමියද මැසි රංචුවලින් පිරීයන්නේය.
තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: අලුයම නැගිට ඵාරාවෝ ඉදිරිපිට සිට හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියව: මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.