Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 8:20 - Sinhala New Revised Version 2018

20 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අලුයම නැඟිට, පාරාවෝ ගංගාව බලා එන වේලාවේ දී ඔහු හමු වීමට ගොස්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මට වැඳුම්පිදුම් කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතාකොට, “අලුයම නැඟිට, පාරාවෝ ගංගාව බලා එන වේලාවේ දී ඔහු හමු වීමට ගොස්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මට වැඳුම්පිදුම් කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: අලුයම නැගිට ඵාරාවෝ ඉදිරියෙහි සිටුව; බලව, ඔහු වතුර ළඟට පිටත්ව එන්නේය; ඔහුට කථාකරමින්: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 8:20
11 හුවමාරු යොමු  

උදය කාලයේ පාරාවෝ ගඟට යන විට, නුඹ ද ගං ඉවුරේ ඔහු පැමිණෙන තෙක් බලා සිටින්න. තවද, සර්පයෙකු වූ සැරයටිය අතින් රැගෙන යන්න.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අලුයම නැඟිට පාරාවෝ ඉදිරියට ගොස් ඔහු අමතා, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න. එනම්, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.


එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස්, ඔහු අමතා, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මට වැඳුම්පිදුම් කරන පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න.


ඔව්හු ද නුඹේ හඬට සවන් දෙනු ඇත. නුඹ ද ඉශ්රායෙල්ගේ ප්‍රජා මූලිකයන් ද මිසරයේ රජු වෙත ගොස් ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට හමු වූ සේක. එබැවින් අපගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන ලෙස, තුන් දවසක ගමනක්, පාළුකරයට යන්නට අපට අවසර දෙන ලෙස අපි ඔබෙන් බැගෑපත් ව ඉල්ලමු’යි කියන්න.


එවිට ගඟේ ස්නානය කරනු පිණිස පාරාවෝගේ දූ කුමරිය පැමිණියා ය. ඇගේ සේවිකාවෝ ගං ඉවුර දිගේ ඇවිදිමින් සිටියා හ. ඈ බට ගස් අතර වූ පෙට්ටිය දැක, සේවිකාවක යවා, එය ගෙන්වාගෙන,


එබැවින් මට පුද පූජා ඔප්පු කරන පිණිස මාගේ පුතුට යන්න අවසර දෙන්නට මම ඔබට කියමි. එහෙත්, ඔබ ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි නම් මෙන්න, මම ඔබේ කුලුඳුල් පුත්‍රයා මරාදමන්නට යමි’යි කියන්නැ”යි වදාළ සේක.


ඉන්පසු මෝසෙස් ද ආරොන් ද පාරාවෝ වෙත පැමිණ, “ ‘පාළුකරයෙහි මාගේ නාමයෙන් මංගල්‍යයක් පවත්වනු පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න’ කියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, වදාරන සේකැ”යි කී හ.


ඔව්හු යළි කතා කොට, “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ අපට හමු වූ සේක. අපේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරනු පිණිස පාළුකරයට, තුන් දිනක ගමන් දුර යෑමට, කරුණාකර, අපට අවසර දෙන්න, එලෙස නුදුන්නොත් උන් වහන්සේ අපට වසංගතයෙන් හෝ කඩුවෙන් හෝ පහර දෙන සේකැ”යි කී හ.


මාගේ සෙනඟට යන්න ඔබ අවසර නොදෙන්නෙහි නම් බලන්න, මම මැසි රංචු රංචු ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා ජනයා පිට ද ගෙවලට ද එවන්නෙමි. එවිට මිසර වාසීන්ගේ ගෙවල් ද ඔවුන් සිටින භූමිය ද මැසි රංචුවලින් පිරී යනු ඇත.


ඔවුන්ට හිරිහැර කිරීමට එතුමාණෝ මැසි කැල එවූ සේක; ඔවුන්ගේ රට වනසාලීමට මැඩියන් එවූ සේක.


එතුමාණෝ අණ කළ විට මුළු දේශය මැස්සන්ගෙන් හා කිනිතුල්ලන්ගෙන් පිරී ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්