මීකායා: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ මට කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.
නික්මයාම 7:2 - Sinhala Revised Old Version මා නුඹට අණකරන සියල්ල නුඹ කිය යුතුය. නුඹේ සහෝදරවූ ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන් තමාගේ දේශයෙන් යන්ට හරින ලෙස ඵාරාවෝට කිය යුතුය. Sinhala New Revised Version මා නුඹට අණ කරන සියල්ල නුඹ ඔහුට කිව යුතු ය. නුඹේ සහෝදර වන ආරොන් ද පාරාවෝට කතා කොට, ඔහු ඉශ්රායෙල් ජනයා ඔහුගේ දේශයෙන් පිටත් කර යැවිය යුතු ය යි කියන්න. Sinhala New Revised Version 2018 මා නුඹට අණ කරන සියල්ල නුඹ ඔහුට කිව යුතු ය. නුඹේ සහෝදර වන ආරොන් ද පාරාවෝට කතා කොට, ඔහු ඉශ්රායෙල් ජනයා ඔහුගේ දේශයෙන් පිටත් කර යැවිය යුතු ය යි කියන්න. |
මීකායා: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ මට කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.
නුඹ ඔහුට කථාකොට ඔහුගේ කටට වචන දෙන්නෙහිය. මම නුඹේ මුඛයත් ඔහුගේ මුඛයත් සමඟ සිට නුඹලා විසින් කටයුතු දේ නුඹලාට උගන්වන්නෙමි.
ඔහු නුඹ වෙනුවට සෙනඟට කථාකරන්නේය. මෙසේ ඔහු නුඹට මුඛයක් වන්නේය, නුඹ ඔහුට දෙවියන්වහන්සේ මෙන් වන්නෙහිය.
ඉන්පසු මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට අවුත්: මට වනාන්තරයෙහිදී මංගල්‍යයක් පවත්වන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මම ස්වාමීන්වහන්සේය. මා විසින් නුඹට කියන සියල්ල මිසරයේ රජවූ ඵාරාවෝට කියවයි කීසේක.
ඒ නිසා නුඹ නුඹේ ඉඟටිය බැඳගෙන නැගිට සිට, මා නුඹට අණකරන සියල්ල ඔවුන්ට කියන්න. මා විසින් ඔවුන් ඉදිරියේදී නුඹ නොකලඹන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි නොකැලඹී සිටින්න.
නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න.
තවද උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලුම වචන නුඹේ සිතේ තබාගන්න, නුඹේ කන්වලින් අසන්න.
මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට නුඹ මුරකාරයෙකු කෙළෙමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
මා නුඹලාට අණකරන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වන පිණිස මා නුඹලාට අණකරන වචනයට කිසිවක් එකතුකිරීමවත් එයින් කිසිවක් අඩුකිරීමවත් නොකරන්න.