ස්වාමීන්වහන්සේ යෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන් වන ලෙස දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ කොයි දෙවිවරුද කියා අසන්නේයයි කීවේය.
නික්මයාම 5:2 - Sinhala Revised Old Version ඵාරාවෝ: ඉශ්‍රායෙල්වරුන්ට යන්ට හරින ලෙස මා විසින් ස්වාමීන්වහන්සේගේ බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? මම ස්වාමීන්වහන්සේ නාඳුනමි. ඇරත් ඉශ්‍රායෙල්වරුන්ට යන්ට නොහරින්නෙමියි කීයේය. Sinhala New Revised Version පාරාවෝ පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ නම් කවරෙක් ද? ඉශ්රායෙල් ජනයාට යන්න අවසර දීමට මා ඒ හඬට අවනත විය යුත්තේ මන් ද? මම සමිඳාණන් වහන්සේ නාඳුනමි. ඉශ්රායෙල් ජනයාට යන්න මා අවසර දෙන්නේ නැතැ”යි කී ය. Sinhala New Revised Version 2018 පාරාවෝ පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ නම් කවරෙක් ද? ඉශ්රායෙල් ජනයාට යන්න අවසර දීමට මා ඒ හඬට අවනත විය යුත්තේ මන් ද? මම සමිඳාණන් වහන්සේ නාඳුනමි. ඉශ්රායෙල් ජනයාට යන්න මා අවසර දෙන්නේ නැතැ”යි කී ය. |
ස්වාමීන්වහන්සේ යෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන් වන ලෙස දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ කොයි දෙවිවරුද කියා අසන්නේයයි කීවේය.
නුඹලා මාගේ අතින් ගළවන්ට නුඹලාගේ දෙවියන්ට පුළුවන්වෙන ලෙස, මාගේ පියවරුන් විසින් සිඳදැමූ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරුන් අතරෙන් තමාගේ සෙනඟ මාගේ අතින් ගළවන්ට කාට පුළුවන්වීද?
එබැවින් නුඹලා රවටන්ටවත් මෙලෙස නුඹලා පොළඹන්ටවත් හෙසකියාට ඉඩනොදෙන්න, ඔහු විශ්වාස නොකරන්න. මක්නිසාද කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවිකෙනෙකුටවත් තමාගේ සෙනඟ මාගේ අතින්වත් මාගේ පියවරුන්ගේ අතින්වත් ගළවාගන්ට පුළුවන් නොවීය. එසේවී නම් නුඹලාගේ දෙවියන්වහන්සේ නුඹලා මාගේ අතින් ගළවන්නේ කොහොමදැයි කීවේය.
මනුෂ්‍ය අත් වැඩ වන පොළෝ ජනයන්ගේ දෙවිවරුන් ගැන කථාකරන්නාක් මෙන් යෙරුසලමේ දෙවියන්වහන්සේ ගැන කථාකළෝය.
ඵාරාවෝද ඔහුගේ සියලු සේවකයන්ද ඔහුගේ දේශයේ මුළු සෙනඟද කෙරෙහි ලකුණු හා ආශ්චර්ය කර වදාළසේක; මක්නිසාද ඔවුන්ට විරුද්ධව ඒ අය උඩඟුකම් කරන බව ඔබ දැනගන සිටිසේක; ඔබද අද දවසේ තිබෙන ලෙස ඔබට නාමයක් උපදවා ගත්සේක.
මක්නිසාද ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව තමාගේ අත දිගුකෙළේය, සර්වපරාක්‍රමයාණන්ට විරුද්ධව උඩඟුකම් කර,
අප විසින් සර්වපරාක්‍රමයාණන්ට මෙහෙකරන්ට උන්වහන්සේ කවුද? උන්වහන්සේට යාච්ඤාකළත් අපට මොන ප්‍රයෝජනයක් වේදැයි කීවෝය.
දුෂ්ටයා අහංකාරයෙන් කථාකොට: උන්වහන්සේ පළි නොගන්නසේකැයි කියයි. දෙවිකෙනෙක් නැත යනු ඔහුගේ මුළු සිතිවිල්ල වේ.
දිළිඳුන්ගෙන් කොල්ලකෑම නිසාද දුප්පතුන්ගේ සුසුම්ලීම නිසාද මම දැන් නැගිට, අපහාසකරනු ලැබූ අය සුරක්ෂිත ලෙස පිහිටුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.
මෙයින් මා ස්වාමීන්වහන්සේ බව ඔබ දැනගන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. මෙන්න, මා අත තිබෙන සැරයටියෙන් ගංගාවේ තිබෙන සියලුම වතුරවලට ගසන්නෙමි, ඒවා ලේ වන්නේය.
මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ‍්‍යකළ මැනව.
නුමුත් නුඹලා: අපි මේ දේශයෙහි නොසිටින්නෙමුයයි කියමින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනොවී කථාකොට–
ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව අහංකාරවූ නිසා ඔහු මත්කරන්න. මෝවබ්ද තමාගේ වමනයේ පෙරළී ඉඳ, කවටකමක් වන්නේය.
ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය.
තවද ඔවුන් දෙවියන්වහන්සේ දැනගන්ට අකැමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවාදුන්සේක.
නුඹලාට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින නුඹලාට අප සමඟ සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය.
ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය.
නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට උත්තරදෙමින්: දාවිත් කවුද? යෙස්සේගේ පුත්‍රයා කවුද? මේ කාලයේ තම තමුන්ගේ ස්වාමිවරුන් වෙතින් පලායන මෙහෙකරුවෝ බොහෝය.