නික්මයාම 32:14 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට කරන්නේයයි කී විපත ගැන තැවුණසේක. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනඟට කරන්න අදහස් කළ නපුර අත් හළ සේක. Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනඟට කරන්න අදහස් කළ නපුර අත් හළ සේක. |
දේවදූතයා යෙරුසලම විනාශකරන්ට තමාගේ අත ඒ දෙසට දිගුකළ විට ස්වාමීන්වහන්සේ විපත ගැන තැවී සෙනඟ විනාශකරන දූතයාට කථාකොට: ඉතින් ඇත, නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය අරව්නාගේ පාවර ළඟ සිටියේය.
දෙවියන්වහන්සේ යෙරුසලම විනාශකරන්ට දූතයෙකු යැවූසේක. ඔහු ඒක විනාශකරන්ට යන විට ස්වාමීන්වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කථාකොට: ඉතින් ඇත; නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේය.
එබැවින් උන්වහන්සේ: ඔවුන් විනාශකරන්නෙමියි කීසේක. උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස, උන්වහන්සේ විසින් තෝරාගත් මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ කෝප දොරටුවෙහි නොසිටියේ නම්, එසේ කරනවා ඇත.
එබැවින් මට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ නම් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබෙන හැටියට මා විසින් ඔබ හැඳිනගන්නා පිණිස ඔබගේ මාර්ගයන් දැන් මට පෙන්නුව මැනව. මේ ජාතිය ඔබගේ සෙනඟ බවත් සැලකුව මැනවයි කීවේය.
මා විසින් එසේ කථාකළ ඒ ජාතිය තමුන්ගේ නපුරුකමෙන් අහක් වුණොත්, මම ඔවුන්ට පමුණුවන්ට සිතූ විපත්තිය ගැන පසුතැවිලිවන්නෙමි.
එබැවින් දැන් නුඹලාගේ මාර්ග සහ ක්‍රියා හරිගස්සාගන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවෙන්න; එවිට ස්වාමීන්වහන්සේ නුඹලාට විරුද්ධව කියා තිබෙන විපත්තිය ගැන පසුතැවිලි වෙනවා ඇත.
යූදාහි රජවූ හෙසකියා සහ සියලු යූදාවරු ඔහු මැරුවෝද? ඔහු ස්වාමීන්වහන්සේට භයව ස්වාමීන්වහන්සේට කන්නලව් නොකෙළේද? ස්වාමීන්වහන්සේද ඔවුන්ට විරුද්ධව කී විපත්තිය ගැන පසුතැවිලිවුණා නොවේද? මෙසේ අපි අපේම ප්‍රාණවලට විරුද්ධව මහත් නපුරක් කර ගන්නෙමුයයි කීවෝය.
එසේය, නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගන, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන්වහන්සේ දයාවන්තවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ කෙනෙක්ය; උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක.
එවිට ඔවුන්ගේ ක්‍රියා–එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව–දෙවියන්වහන්සේ දැක, ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළසේක.
ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්: අනේ ස්වාමීන්වහන්ස, මාගේ රටේ සිටියදීම මා කීවේ මෙය නොවේද? එබැවින් මම තර්ෂිෂ්ට පලායන්ට ඉක්මන් කෙළෙමි. මක්නිසාද ඔබ දයාවන්තවූ, අනුකම්පා ඇත්තාවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ, විපත්තිය ගැන තැවෙන්නාවූ දෙවිකෙනෙකු බව දැනගන සිටියෙමි.
මම පළමු වතාවේ මෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ නැවතුණෙමි. ස්වාමීන්වහන්සේ ඒ වතාවේදීත් මට ඇහුම්කන්දී, නුඹ විනාශකරන්ට නොකැමැතිවූසේක.
ඔවුන්ගේ විරුද්ධකාරයන් වරද්දා සිතමින්, අපේ අතම උසස් වී තිබේ, මේ දේවල් කළේ ස්වාමීන්වහන්සේ නොවේයයි කියමින් සතුරා කෝපකරවීමට මම භය නොවීම් නම්,
එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.
ස්වාමීන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකාරයන් නැගුටුවාදුන් කල උන්වහන්සේ විනිශ්චයකාරයා සමඟ සිට, ඔහුගේ සියලු දවස්වල ඔවුන්ගේ සතුරන්ගේ අතින් ඔවුන් ගැළවූසේක. මක්නිසාද ඔවුන්ට පීඩාකළාවූ ඔවුන් පොඩිකළාවූ අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම නිසා ස්වාමීන්වහන්සේ අනුකම්පාවූ සේක.
මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.