Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 32:26 - Sinhala Revised Old Version

26 ඔවුන්ගේ විරුද්ධකාරයන් වරද්දා සිතමින්, අපේ අතම උසස් වී තිබේ, මේ දේවල් කළේ ස්වාමීන්වහන්සේ නොවේයයි කියමින් සතුරා කෝපකරවීමට මම භය නොවීම් නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඔවුන් දස දෙස විසුරුවා හැර, ඔවුන්ගේ නම මිනිසුන් අතරෙන් මකාදමමි. මෙය මාගේ තීරණය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඔවුන් දස දෙස විසුරුවා හැර, ඔවුන්ගේ නම මිනිසුන් අතරෙන් මකාදමමි. මෙය මාගේ තීරණය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 32:26
13 හුවමාරු යොමු  

පොළොවේ එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙහි ස්වාමීන්වහන්සේ නුඹ විසුරුවාදමනසේක; එහිදී නුඹවත් නුඹේ පියවරුන්වත් දැනනොගත් ලීද ගල්දවූ අන් දෙවිවරුන්ට නුඹ සේවයකරන්නෙහිය.


ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.


මක්නිසාද ඔබ අපේ පියාණෝය, ආබ්‍රහම් අප නොදන්න නුමුත්, ඉශ්‍රායෙල් අප නාඳුනන නුමුත්, ස්වාමීන්වහන්ස, ඔබම අපේ පියාණෝය, අපේ මිදුම්කාරයාණෝය; එය පුරාණයේ සිට ඔබගේ නාමයය.


නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිස ස්වාමීන්ගේ මුහුණ ඔවුන්ට විරුද්ධවේ.


ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි නුඹ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය.


ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන් ඉදිරියෙහි නුඹ පරාජයවෙන්ට සලස්වනසේක. නුඹ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. නුඹ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.


ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් අතරෙහි නුඹලා විසුරුවනවා ඇත, ස්වාමීන්වහන්සේ විසින් නුඹලා පමුණුවන ජාතීන් අතරෙහි නුඹලා ගණනින් ස්වල්පව සිටින්නහුය.


නුඹලා ජාතීන් අතරෙහි නැතිවන්නහුය, නුඹලාගේ සතුරන්ගේ දේශය, නුඹලා කා දමන්නීය.


මම ජාතීන් අතරෙහි නුඹලා විසුරුවා නුඹලා පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. නුඹලාගේ දේශය නාස්තියක්ද නුඹලාගේ නුවරවල් පාළුවක්ද වන්නේය.


මා විසින් ඔවුන් විනාශ කොට ඔවුන්ගේ නාමය අහස යටින් මකාදමන පිණිස මට ඉඩ අරින්න. මම නුඹ ඔවුන්ට වඩා බලවත්වූ මහත්වූ සෙනඟක් වෙන්ට සලස්වන්නෙමියි කීසේක.


මා නිසා, මා නිසාම, ඒක කරන්නෙමි; මක්නිසාද මාගේ නාමය කෙලහෙන්ට දෙන්නේ කොහොමද? මාගේ ගෞරවය වෙන කෙනෙකුට නොදෙන්නෙමි.


උන්වහන්සේ ඔවුන් පිටතට ගෙනගියේ නපුර පිණිසය, එනම් කඳුවලදී ඔවුන් මරා පොළෝතලය මතු පිටින් ඔවුන් නාස්තිකරන පිණිසයයි කියන්ට මිසරවරුන්ට ඉඩදෙන්නේ මක්නිසාද? ඔබගේ තද උදහසෙන් හැරී ඔබගේ සෙනඟට පමුණුවන්ට යන මේ විපත ගැන තැවුණ මැනව.


ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්