ආබ්‍රහම් උත්තරදෙමින්: බැලුව මැනව, ධූලි හා අලු පමණක් වූ මම ස්වාමීන්වහන්සේට කථාකරන්ට ධෛර්ය ගතිමි.
නික්මයාම 32:11 - Sinhala Revised Old Version මෝසෙස් තමන් දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කරනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ මහත් බලයෙන් හා බලසම්පන්න හස්තයකින් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබගේ සෙනඟට විරුද්ධව ඔබගේ උදහස ඇවිළෙන්නේ මන්ද? Sinhala New Revised Version එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද? Sinhala New Revised Version 2018 එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද? |
ආබ්‍රහම් උත්තරදෙමින්: බැලුව මැනව, ධූලි හා අලු පමණක් වූ මම ස්වාමීන්වහන්සේට කථාකරන්ට ධෛර්ය ගතිමි.
මක්නිසාද ඔව්හු ඔබ විසින් මිසරයෙන් එනම් යකඩ උදුනෙන් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟත් ඔබගේ උරුමයත්ය.
මොව්හු වනාහි ඔබගේ මහත් බලයෙන්ද බලවත් හස්තයෙන්ද ඔබ විසින් මුදාගත් ඔබගේ මෙහෙකරුවන් හා සෙනඟත්ය.
එබැවින් උන්වහන්සේ: ඔවුන් විනාශකරන්නෙමියි කීසේක. උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස, උන්වහන්සේ විසින් තෝරාගත් මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ කෝප දොරටුවෙහි නොසිටියේ නම්, එසේ කරනවා ඇත.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: යන්න, බැස යන්න; මක්නිසාද නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ සෙනඟ තමන්ම දූෂ්‍යකර ගෙන,
එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගුකළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි.
එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් කැඳවා: මා වෙතින්ද මාගේ සෙනඟ වෙතින්ද මැඩියන් පහකරන පිණිස ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්න; එවිට ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට හරින්නෙමියි කීය.
ස්වාමීන්වහන්ස, ඔබගේ මාර්ගවලින් අප මුළාවයන්ටත් ඔබ කෙරෙහි භය නොවන සේ අපේ සිත් දැඩිවෙන්ටත් හරින්නේ මක්නිසාද? ඔබගේ උරුම-ගෝත්‍ර වන ඔබගේ මෙහෙකරුවන් නිසා හැරී අව මැනව.
එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.
ස්වාමීන්වහන්ස, ඔබ මෙසේ කළේ කාටදැයි බලා කල්පනාකළ මැනව. ස්ත්‍රීහු ස්වකීය ඵල වන අත දරුවන් කන්නෝද? පූජකයා සහ ප්‍රොපේතයාත් ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී මරනු ලබනෝද?
නුමුත් ඔවුන් වට කර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලහෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි. මක්නිසාද ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්ට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට ප්‍රකාශවුණෙමි.
ඉතින් ඔබගේ සෙනඟ බලවත් හස්තයකින් මිසර දේශයෙන් පිටතට ගෙනැවිත්, අද දවසේ තිබෙන ලෙස ඔබට නාමයක් උපදවාගත්තාවූ අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපි පව්කෙළෙමුව, දුෂ්ටකම්කෙළෙමුව.
ස්වාමීන්වහන්සේගේ සේවකවූ පූජකයෝ ද්වාරමණ්ඩපය සහ පූජාසනය අතරෙහි සිට අඬමින්: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟට කරුණාකළ මැනව, ඔවුන් කෙරෙහි ජාතීන් විසින් ආණ්ඩුකරන හැටියට ඔබගේ උරුමය නින්දාවට පාවා නුදුන මැනව. ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොතනදැයි ජනයන් අතරේ මක්නිසා කියනු ලබන්නේදැයි කියත්වා.
මෝසෙස් ස්වාමීන්වහන්සේට කියනුයේ: ඔබ මේ මුළු සෙනඟගේ බර මා පිට තැබීමෙන් ඔබගේ මෙහෙකරුවාට කුමක්නිසා අයහපත කළසේක්ද? ඔබගේ ඇස් හමුවෙහි මට කරුණාව නොපෙන්නුවේ මක්නිසාද?
මෝසෙස් ස්වාමීන්වහන්සේට කථාකොට: එවිට මිසරවරුන්ට එය සැලවෙනවා ඇත; මක්නිසාද ඔබ ඔවුන් අතරෙන් මේ සෙනඟ ඔබගේ පරාක්‍රමයෙන් ගෙනාසේක;
එවිට ඔව්හු මුහුණින් වැටී: අහෝ, දෙවියන්වහන්ස, මාංසය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන්වහන්ස, එක මනුෂ්‍යයෙක් පව්කරන විට ඔබ මුළු සභාව කෙරෙහි උදහස්වනසේක්දැයි කීවෝය.
එබැවින් සෙනඟ මෝසෙස් ළඟට අවුත්: අපි ස්වාමීන්වහන්සේටත් නුඹටත් විරුද්ධව කථාකිරීමෙන් පව්කෙළෙමුව; ස්වාමීන්වහන්සේ අප වෙතින් සර්පයන් පහකරනලෙස උන්වහන්සේට යාච්ඤාකළමැනවියි කීවෝය. මෝසෙස් සෙනඟ උදෙසා යාච්ඤාකෙළේය.
අපේ පියාණන්ට පුත්‍රයෙකු නැති බැවින් ඔහුගේ නාමය ඔහුගේ වංශය අතරෙන් පහවෙන්ට ඕනෑ මක්නිසාද? අපේ පියාගේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දුනමැනවියි කීවෝය.
මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.