Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 2:20 - Sinhala Revised Old Version

20 ස්වාමීන්වහන්ස, ඔබ මෙසේ කළේ කාටදැයි බලා කල්පනාකළ මැනව. ස්ත්‍රීහු ස්වකීය ඵල වන අත දරුවන් කන්නෝද? පූජකයා සහ ප්‍රොපේතයාත් ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී මරනු ලබනෝද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 සමිඳුනි, ඔබ මෙසේ කෙළේ කවරෙකුට දැ යි බලා කල්පනා කළ මැනව. ස්ත්‍රීන් තමන් කුසෙහි ඵලය වන, සුව සේ ප්‍රසූත කළ අත දරුවන් කෑ යුතු ද? පූජකයා සහ දිවැසිවරයා සමිඳුන්ගේ ශුද්ධස්ථානයේ මරනු ලැබිය යුතු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 සමිඳුනි, ඔබ මෙසේ කෙළේ කවරෙකුට දැ යි බලා කල්පනා කළ මැනව. ස්ත්‍රීන් තමන් කුසෙහි ඵලය වන, සුව සේ ප්‍රසූත කළ අත දරුවන් කෑ යුතු ද? පූජකයා සහ දිවැසිවරයා සමිඳුන්ගේ ශුද්ධස්ථානයේ මරනු ලැබිය යුතු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 2:20
24 හුවමාරු යොමු  

දයාවන්ත ස්ත්‍රීහු තමුන්ගේ අත්වලින් සිය දරුවන් පිසුවෝය; උන් මාගේ සෙනඟ වන දුවණියගේ විනාශයේදී ඔවුන්ට කෑම විය.


තමුන්ගේ පුත්‍රයන්ගේ මාංසද දූවරුන්ගේ මාංසද ඔවුන් විසින් කන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ සතුරන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ද ඔවුන්ට කරන අමාරුවේදීත් තද පීඩාවේදීත්, ඔව්හු එකිනෙකාගේ මාංස කන්නෝයයි කියන්න.


ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටුණෝය; ඔවුන්ගේ වැන්දඹුවෝ නොවැලපුණෝය.


මෙසේ වුණේ ධර්මිෂ්ඨයන්ගේ ලේ ඈ තුළ වැගිරෙවුවාවූ ප්‍රොපේතවරුන්ගේ පව් නිසාත් පූජකයන්ගේ අපරාධ නිසාත්ය.


උන්වහන්සේට යාච්ඤාකරමින්: ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහන්තත්ත්වයෙන් ඔබ මුදාගත්තාවූ, බලවත් හස්තයකින් මිසරයෙන් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟද උරුමයද විනාශනොකළ මැනව.


මෝසෙස් තමන් දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කරනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ මහත් බලයෙන් හා බලසම්පන්න හස්තයකින් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබගේ සෙනඟට විරුද්ධව ඔබගේ උදහස ඇවිළෙන්නේ මන්ද?


එබැවින් නුඹ තුළ පියවරු පුත්‍රයන්ද පුත්‍රයෝ තමුන්ගේ පියවරුන්ද කන්නාහ; මම නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකොට, නුඹේ ඉතිරි සියල්ලන් දස දෙස විසුරුවාදමන්නෙමි.


ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් භේදකෙළේය; උන්වහන්සේ තවත් ඔවුන් නොසලකනසේක. ඔව්හු පූජකයන්ගේ මුහුණට ගරු නොකළෝය, වැඩිමහල්ලන්ට කරුණා නොකළෝය.


මාගේ ප්‍රේමවන්තයන්ට අඬගැසීමි, නුමුත් ඔව්හු මා රැවටුවෝය. මාගේ පූජකයෝද මාගේ වැඩිමහල්ලෝද තමුන්ගේ ප්‍රාණ රැකගන්න පිණිස තමුන්ට කෑම සොයන අතර නුවරදී නැසී ගියෝය.


අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?


නුඹලාද නුඹලාගේ පුත්‍රයන්ගේ මාංස කනවා ඇත, නුඹලාගේ දූවරුන්ගේ මාංසද කනවා ඇත.


නුඹ තුළ මැරුම්කෑ අය කඩුවෙන් මරනලද්දෝවත් සටනේදී මැරුණෝවත් නොවෙති.


ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජු පැමිණෙවුසේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථාන ගෘහයෙහිදී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරුවෝය. ඔහු යෞවනයාටවත් කන්‍යාවටවත් මහල්ලාටවත් පැසුණු හිසකේ ඇත්තාටවත් අනුකම්පා නොකෙළේය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවාදුන්සේක.


ඉන්පසු මම යූදාහි රජවූ ශෙදෙකියාද, ඔහුගේ සේවකයන්ද, සෙනඟද, එනම් වසංගතයෙනුත් කඩුවෙනුත් සාගතයෙනුත් මේ නුවර ඉතුරු වෙන්නන්, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔහුද ඔවුන්ට කරුණා නොකොට, අනුකම්පාකරන්නේවත් දයාවෙන්නේවත් නැතුව, ඔවුන්ට කඩුමුවහතින් පහර දෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


නුඹලා ගෘහය අපවිත්‍රකරමින්, මැරුම්කෑවුන්ගෙන් මිදුල් පුරවා, පිටත යන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු පිටත ගොස් නුවර ඇතුළෙහි පහරදුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්