අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස්ය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද ඉතා ශුද්ධදේ කැපකරන පිණිසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත් උන්වහන්සේට සේවයකරන පිණිසත් සෑම කල්හිම උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාදකරන පිණිසත් හැම කලටම වෙන්කරනු ලැබුවෝය.
නික්මයාම 30:6 - Sinhala Revised Old Version සාක්ෂි පෙට්ටිය ළඟ තිබෙන තිරය ඉදිරිපිට එනම් සාක්ෂිය පිට තිබෙන කරුණාසනය ඉස්සරහින් ඒක තබන්න, එහිදී මම නුඹට සම්මුඛ වන්නෙමි. Sinhala New Revised Version ගිවිසුම් කරඬුව වසා තිබෙන කරුණාසනයට ඉස්සරහින්, එනම්, ගිවිසුම් කරඬුව ඉදිරියට ඇති තිරය ඉස්සරහින්, එය තැබිය යුතු ය. මා නුඹ හමු වන්නේ එම ස්ථානයේ ය. Sinhala New Revised Version 2018 ගිවිසුම් කරඬුව වසා තිබෙන කරුණාසනයට ඉස්සරහින්, එනම්, ගිවිසුම් කරඬුව ඉදිරියට ඇති තිරය ඉස්සරහින්, එය තැබිය යුතු ය. මා නුඹ හමු වන්නේ එම ස්ථානයේ ය. |
අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස්ය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද ඉතා ශුද්ධදේ කැපකරන පිණිසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත් උන්වහන්සේට සේවයකරන පිණිසත් සෑම කල්හිම උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාදකරන පිණිසත් හැම කලටම වෙන්කරනු ලැබුවෝය.
එවිට දාවිත් දේවමාලිගාවේ ද්වාරමණ්ඩපෙයත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුල් ගෙවල්වලත්, කරුණාසනයේ ගෙයිත් ආදෘශ සටහනද,
ඉන් කොටසක් සුණුකොට එයින් මා නුඹට සම්මුඛවෙන තැනවූ සම්මුඛවීමේ කූඩාරමෙහි සාක්ෂිය ඉදිරියෙහි තබන්න. එය නුඹලාට ඉතා ශුද්ධ වන්නේය.
ආරොන් එය පිට මිහිරි සුගන්ධ ද්‍රව්‍ය දවන්නේය. ඔහු හැම උදයම පහන් සූදානම් කරන කල්හි ඒවා දැවිය යුතුය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු රන් පූජාසනය සම්මුඛවීමේ කූඩාරමෙහි තිරය ඉදිරිපිට තබා,
දුම් පූජාව පිණිස රන් පූජාසනය සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තබා මණ්ඩපයේ දොරකඩ කඩතුරාව එල්ලා තබන්න.
ඔහු නොනසින පිණිස ධූප පටලය සාක්ෂිය මතුයෙහි තිබෙන කරුණාසනය වසාගන්නා ලෙස ඒ සුවඳ ද්‍රව්‍ය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගින්න පිට දමන්නේය.
නුඹ ඒවා සම්මුඛවීමේ කූඩාරමෙහි මා නුඹලාට සම්බවෙන ස්ථානයෙහි සාක්ෂි පෙට්ටිය ඉදිරිපිට තබන්න.
එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.