Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 30:7 - Sinhala Revised Old Version

7 ආරොන් එය පිට මිහිරි සුගන්ධ ද්‍රව්‍ය දවන්නේය. ඔහු හැම උදයම පහන් සූදානම් කරන කල්හි ඒවා දැවිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 දිනපතා උදය ආරොන් පහන් පිළියෙළ කොට, ඔහු එහි සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 දිනපතා උදය ආරොන් පහන් පිළියෙළ කොට, ඔහු එහි සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 30:7
20 හුවමාරු යොමු  

ඔහු මාගේ පූජාසනය පිට පූජා ඔප්පුකරන පිණිසද සුවඳ දුම් ඔප්පු කරන පිණිසද මා ඉදිරියෙහි ඒඵොද් සැට්ටය අඳින පිණිසද මාගේ පූජකයා කොට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මම ඔහු තෝරා නොගතිම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ඔප්පුකරන සියලු ගිනි පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම්ද?


ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්ව සුවඳ දුම් ඔප්පුකිරීමට වාරය පූජකයාගේ නිලයේ සිරිත ලෙස පසඇට දැමීමෙන් ඔහුට වැටුණේය.


අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස්ය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද ඉතා ශුද්ධදේ කැපකරන පිණිසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත් උන්වහන්සේට සේවයකරන පිණිසත් සෑම කල්හිම උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාදකරන පිණිසත් හැම කලටම වෙන්කරනු ලැබුවෝය.


අපි වනාහි යාච්ඤාවෙහිද වචනයේ මෙහෙකිරීමෙහිද ස්ථිරලෙස යෙදී සිටින්නෙමුයයි කීවෝය.


එකල ඒලී තමාගේ ස්ථානයෙහි සැතපෙද්දීත්, දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිබුණාවූ ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සාමුවෙල් නිදා ඉඳිද්දීත්, දෙවියන්වහන්සේගේ පහන නිවෙන්ට පළමුවෙන්,


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: සුගන්ධ ද්‍රව්‍ය එනම් නාතාප් සහ ෂෙධෙලෙත්ද ඛෙල්බෙනාද යන සුගන්ධ ද්‍රව්‍ය සහ පවිත්‍ර තුවරලාද එකිනෙක සමබරට ගෙන,


සාක්ෂි පෙට්ටිය ළඟ තිබෙන තිරය ඉදිරිපිට එනම් සාක්ෂිය පිට තිබෙන කරුණාසනය ඉස්සරහින් ඒක තබන්න, එහිදී මම නුඹට සම්මුඛ වන්නෙමි.


ආරොන් සවස පහන් දල්වන කල්හි ඒවා දැවිය යුතුය, ඒක නුඹලාගේ පරම්පරාවල ස්වාමීන්වහන්සේ ඉදිරියේ නිතර පැවැත්විය යුතුවූ සුවඳ පූජාවක්ය.


ඊ පිට සුගන්ධ ධූප ද්‍රව්‍ය දැවීය.


සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.


මම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගා උන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත්, නිරන්තර පිදීමේ රොටි තබන පිණිසත්, උදේ සවසද සබත් දවස්වලද අමාවක්වලද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යවලදීද දවන පූජා ඔප්පුකරන පිණිසත්, ඒක උන්වහන්සේට කැපකරන්ට යමි. මේක සදාකල්ම ඉශ්‍රායෙල්ට නියෝගයක්ය.


ඔහුට විරුද්ධව සිටිමින්, ඔහුට කථාකොට: උස්සියානි, සුවඳ දුම් ඔප්පුකිරීමට කැපකරනලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ඔබ වරද කෙළෙහිය; මෙය දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේයයි කීවෝය.


තමා යමක් ගැන බොරුවට දිවුළේද ඒ දෙය හෝ ඔහු නැවත දිය යුතුය. එසේය, ඔහු සම්පූර්ණ වශයෙන් එය දෙමින් ඊට තව පහෙන් කොටසක්ද එකතුකර දිය යුතුය. ඔහු තමා වරදකාරයා වූ දවසෙහි ඒක අයිතිකාරයාට දේවා.


ඔව්හු යාකොබ්ට ඔබගේ විනිශ්චයන්ද ඉශ්‍රායෙල්ට ඔබගේ ව්‍යවස්ථාවද උගන්වන්නෝය. ඔබ ඉදිරියෙහි සුවඳ දුම්ද ඔබගේ පූජාසන මතුයෙහි මුළු දවන පූජාවද තබන්නෝය.


ඔහු එල්කානාගේ පුත්‍රයාය, ඔහු යෙරොහාම්ගේ පුත්‍රයාය, ඔහු එලියෙල්ගේ පුත්‍රයාය, ඔහු තෝවාගේ පුත්‍රයාය;


සාලමොන් තීර්හි හූරාම් රජුට පණිවිඩයක් යවමින්: මාගේ පියවූ දාවිත්ට වාසයකිරීමට ගෙයක් ගොඩනැගීම පිණිස ඔබ කිහිරි ලී එවීමෙන් ඔහු සමඟ ක්‍රියාකළාක් මෙන් මා සමඟත් ක්‍රියාකළමැනවි.


ද්වාරමණ්ඩපයේ දොරටුත් ඔව්හු වසා තබා, පහන් නිවා, ශුද්ධස්ථානයෙහි ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට සුවඳ දුම්වත් දවන පූජාවත් ඔප්පු නොකළෝය.


මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්