Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 28:11 - Sinhala Revised Old Version

11 එවිට දාවිත් දේවමාලිගාවේ ද්වාරමණ්ඩපෙයත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුල් ගෙවල්වලත්, කරුණාසනයේ ගෙයිත් ආදෘශ සටහනද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එවිට දාවිත් දේව මාලිගාවේ ද්වාර මණ්ඩපයේත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුළු ගෙවලත්, කරුණාසනයේ ගෙයිත් සැලැස්ම ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එවිට දාවිත් දේව මාලිගාවේ ද්වාර මණ්ඩපයේත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුළු ගෙවලත්, කරුණාසනයේ ගෙයිත් සැලැස්ම ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 28:11
28 හුවමාරු යොමු  

මේ සටහනේ සියලු වැඩ තේරුම්කර දුන්නාවූ ස්වාමීන්වහන්සේගේ අතින් මා ලවා සියල්ලම ලියවා තිබේයයි දාවිත් කීවේය.


ගෘහයේ මාලිගාව ඉස්සරහ තිබුණු ශාලාවේ දිග ගෘහයේ පළල හැටියටම රියන් විස්සක්ව, එහි පළල ගෘහය ඉස්සරහ රියන් දසයක්ව තිබුණේය.


කන්දේදී නුඹට පෙන්වනලද ආදර්ශය ලෙස ඒවා සාදන්ට බලාගන්න.


මෝසෙස් මණ්ඩපය සාදන්ට යන කල: කන්දේදී නුඹට පෙන්වනලද ආදෘශය ලෙස සියල්ල සාදන්ට බලාගන්නැයි දෙවියන්වහන්සේ ආඥා කළ හැටියට, ඒ පූජකයෝ ස්වර්ගයවූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවයකරති.


උන්වහන්සේ ඇස් ඔසවා, ධනවතුන් තමුන්ගේ පඬුරු ගබඩාවට දමනවා දුටුසේක.


ඇතුල්වෙන දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුල් දොරටුවේ ශාලාවේ ඉස්සරහ පැත්ත දක්වා පනස් රියනක්ය.


නුඹ රේකාබ්වරුන්ගේ වංශය ළඟට ගොස් ඔවුන් සමඟ කථාකොට, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙයකට ඔවුන් කැඳවාගෙන ඇවිත්, ඔවුන්ට මුද්‍රිකපානය බොන්ට දෙන්නැයි කීය.


පූජකවූ එලියාෂීබ් ආහාර පූජාද තුවරලාද භාණ්ඩද, ලෙවීවරුන්ගෙත් ගීතිකාකාරයන්ගෙත් දොරටුපාලයන්ගෙත් නියම කොටසවූ ධාන්‍යයෙන් සහ මුද්‍රික යුසයෙනුත් තෙලිනුත් දසයෙන් කොටසද, පූජකයන්ට ලැබෙන එසවීම් පූජාද, පළමු තැබූ ස්ථානයෙහි, ටෝබියාට මහත් ඇතුල් ගෙයක් දසාදාදී තිබුණේය.


පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අති ශුද්ධස්ථානය වන ගෘහයේ දේව වාක්‍යස්ථානයට ගෙනැවිත්, කෙරූබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝය.


ඔහු මුළු ගෘහයට යාකර පස්රියනක් බැගින් උස ඇති මහල් ගොඩනැගුවේය. ඒවා කිහිරි ලීවලින් ගෘහයට සවිකරනලද්දේය.


කන්දේදී නුඹට පෙන්වූ ප්‍රකාරය ලෙස මණ්ඩපය පිහිටුවන්න.


තමාගේ හිතේ තිබුණු සියල්ලවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවලත්, වටකර කාමරවලත්, දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවලත්, කැපකරනලද දේ තිබූ ගබඩාවලත්,


මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්