ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 29:32 - Sinhala Revised Old Version

ආරොන් හා ඔහුගේ පුත්‍රයෝ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ සිට ඒ බැටළුවාගේ මාංසද පැසේ තිබෙන රොටිද කෑ යුතුය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද බැටළුවාගේ මස් සහ පැසේ ඇති රොටි වැළඳිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද බැටළුවාගේ මස් සහ පැසේ ඇති පූප වැළඳිය යුතු ය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 29:32
8 හුවමාරු යොමු  

තවද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මුහුන් නොදැමූ රොටි පැසෙන් රොටියක්ද තෙල් ගැල්වූ රොටියක්ද පූප පෙත්තක්ද ගන්න.


නුඹ කැපකිරීමේ බැටළුවා රැගෙන ශුද්ධවූ තැනක උගේ මාංසය පිසින්න.


ඔවුන් පත්කිරීමටත් විශුද්ධකිරීමටත් ඒවායින් සමඟිකම්කළ බැවින් ඔවුන් විසින් ඒවා කන්නට යෙදේවා. නුමුත් ඒවා ශුද්ධ බැවින් විදේශියෙක් එයින් නොකෑ යුතුය.


මෝසෙස්ද ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට කියනුයේ: සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ ඒ මාංසය තම්බන්න. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විසින් එය කෑ යුතුයයි මා විසින් අණකළ ලෙස එහිදී කැපකිරීමේ පැසෙහි තිබෙන රොටිත් සමඟ එය කන්න.


එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව නුඹලා කියෙවුවේ නැද්ද?