Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 29:33 - Sinhala Revised Old Version

33 ඔවුන් පත්කිරීමටත් විශුද්ධකිරීමටත් ඒවායින් සමඟිකම්කළ බැවින් ඔවුන් විසින් ඒවා කන්නට යෙදේවා. නුමුත් ඒවා ශුද්ධ බැවින් විදේශියෙක් එයින් නොකෑ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ඔවුන් පූජකවරය ලැබීමේ දී හා ඔවුන් කැප කිරීමේ දී, ඔවුන්ගේ පාපවලට කමාව ලබාගැනීම සඳහා ගත් දේවල් ද ඔවුන් වැළඳිය යුතු ය. එහෙත්, ඒවා ශුද්ධ බැවින්, ඔවුන් හැර වෙන කිසිවෙකු ඒවා නොවැළඳිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ඔවුන් පූජකවරය ලැබීමේ දී හා ඔවුන් කැප කිරීමේ දී, ඔවුන්ගේ පාපවලට කමාව ලබාගැනීම සඳහා ගත් දේවල් ද ඔවුන් වැළඳිය යුතු ය. එහෙත්, ඒවා ශුද්ධ බැවින්, ඔවුන් හැර වෙන කිසිවෙකු ඒවා නොවැළඳිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:33
16 හුවමාරු යොමු  

කූඩාරමේ සියලුම සේවය පිණිස ඔව්හු නුඹට එකතුවී සම්මුඛවීමේ කූඩාරම සම්බන්ධව සේවය කරත්වා. අන්‍යයෙක් නුඹලා ළඟට නොපැමිණේවා.


මක්නිසාද, නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමීන්වහන්සේ එන තුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශකරන්නහුය.


ස්තුතිකොට, කඩා: මේක නුඹලා උදෙසා දෙන්නාවූ මාගේ ශරීරයය. මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.


යටහත් සිත් ඇත්තෝ අනුභවකොට තෘප්තියට පැමිණෙන්නාහුය. ස්වාමීන් සොයන්නෝ උන්වහන්සේට ප්‍රශංසාකරන්නාහුය. නුඹලාගේ සිත සදාකල් ජීවත්වේවා.


නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද පූජාසනයේ සියලු දේ ගැනත් තිරයට ඇතුළත තිබෙන දේ ගැනත් නුඹලාගේ පූජකකම පවත්වමින් මෙහෙකරන්න. මම පූජකකම ත්‍යාග සේවයක් කොට නුඹලාට දෙමි. නුමුත් ළංවන අන්‍යයා මරනු ලබන්නේයයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.


ඔහු කෝරාට සහ ඔහුගේ මුළු සමාගමට කථාකොට: ස්වාමීන්වහන්සේ තමන්ට අයිතිවූ අය කවුද කියාත් ශුද්ධවූ තැනැත්තා කවුද කියාත් හෙට උදය දන්වාදී ඒ අය තමන් ළඟට පමුණුවනවා ඇත. උන්වහන්සේ තෝරාගන්න අයම තමන් ළඟට පමුණුවනවා ඇත.


නැගෙනහිර පැත්තෙහි මණ්ඩපයට ඉස්සරහපිටින් නැගෙන ඉරට සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට කඳවුරු බැඳගන්නෝනම් මෝසෙස් හා ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද වෙත්. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝය; ළංවන්නාවූ අන්‍යයා මරනු ලබන්නේය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් තමුන්ගේ පූජක තනතුර පවත්වන පිණිස ඔවුන් පත්කරන්න. ළංවෙන අන්‍යයා මරනු ලැබිය යුතුයයි කීසේක.


මණ්ඩපය ගෙනයන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක බාගන්නෝය. මණ්ඩපය පිහිටුවන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක පිහිටුවන්නෝය. අන්‍යයෙක් ළංවුණොත් ඔහු මරනු ලැබිය යුතුය.


ආරොන් හා ඔහුගේ පුත්‍රයෝ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ සිට ඒ බැටළුවාගේ මාංසද පැසේ තිබෙන රොටිද කෑ යුතුය.


ඔහු තමාගේ අත දවන පූජා සතාගේ ඉස පිට තබාවා. එය ඔහු උදෙසා සමඟිකම් කිරීමට ඔහු නිසා පිළිගනු ලබන්නේය.


මෝසෙස් ආරොන්ටත් ඔහුගේ ඉතිරිව සිටි පුත්‍රයන් වූ එලෙයාසාර් සහ ඊතාමාර්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් ඉතුරුව තිබෙන ආහාර පූජාව රැගෙන පූජාසනය ළඟදී මුහුන් නැතුව කන්න. මක්නිසාද එය අති ශුද්ධය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්