මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට කොටළුවෙකු හෝ ගොනෙකු හෝ බැටළුවෙකු හෝ වෙන යම් මෘගයෙකු හෝ ප්‍රවේසම්කිරීමට භාරදුන් කල්හි කිසිවෙකුට නොපෙනී ඌ මළොත් නොහොත් තුවාලකරනු ලැබුවොත් නොහොත් පන්නා අල්ලාගනු ලැබුවොත්,
නික්මයාම 22:11 - Sinhala Revised Old Version ඔහු තමාගේ අසල්වාසියාගේ දෙයට අත නොතැබූ බවට ඔවුන් දෙදෙනා අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිවිරීමක් වේවා; උගේ අයිතිකාරයා එය පිළිගන්නේය, අනික් අය ඊට අලාභය ගෙවන්ට ඕනෑ නැත. Sinhala New Revised Version ඔහු තම අසල්වැසියාගේ දේපළ සොරා නොගත් බවට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන දිවුරුමකින් දෙදෙනා අතර එය තීරණය කරගත යුතුයි. දේපළ හිමිකරු පාඩුව විඳදරාගත යුතු අතර අසල්වැසියා ඊට අලාභය නොගෙවිය යුතු ය. Sinhala New Revised Version 2018 ඔහු තම අසල්වැසියාගේ දේපළ සොරා නොගත් බවට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන දිවුරුමකින් දෙදෙනා අතර එය තීරණය කරගත යුතුයි. දේපළ හිමිකරු පාඩුව විඳදරාගත යුතු අතර අසල්වැසියා ඊට අලාභය නොගෙවිය යුතු ය. |
මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට කොටළුවෙකු හෝ ගොනෙකු හෝ බැටළුවෙකු හෝ වෙන යම් මෘගයෙකු හෝ ප්‍රවේසම්කිරීමට භාරදුන් කල්හි කිසිවෙකුට නොපෙනී ඌ මළොත් නොහොත් තුවාලකරනු ලැබුවොත් නොහොත් පන්නා අල්ලාගනු ලැබුවොත්,
සොරා අසුනූණොත් ගෙයි ස්වාමියා තම අසල්වාසියාගේ බඩුවලට අත නොපෙවුවාදැයි බලන පිණිස ඔහු දෙවියන්වහන්සේ වෙතට පැමිණේවා.
බොරු ප්‍රවෘත්තියක් පතළ නොකරන්න. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙකු වීමට දුෂ්ටයෙකුට නුඹේ අත නොදෙන්න.
මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ‍්‍යකළ මැනව.
රජුගේ ආඥාව රක්ෂාකරන්ට නුඹ දෙවියන්වහන්සේට දිවුරුම් දුන් නිසා එසේ කරන්ට මම නුඹට අවවාදකරමි.
යමෙක් කාරණාවක් දැක නොහොත් දැනගන සාක්ෂිකාරයෙක්ව සිටිද්දී, දිවුරවීමේ හඬ අසා නොදන්වා සිටීමෙන් පව්කළොත්, ඔහු තමාගේ අයුතුකම දැරිය යුතුය.
නැතිවූ දෙය සම්බවූ කල ඔහු ඒ ගැන අවිශ්වාස ලෙස ක්‍රියාකොට බොරුවට දිවුළොත්, මෙසේ මනුෂ්‍යයෙක් පව්කරමින් මේ දේවලින් යම් කිසිවක් කිරීමෙන්,
සැබවින්ම මනුෂ්‍යයෝ වඩා උත්තමයා ගැන දිවුරති. ඔවුන්ගේ සියලු විවාදවලදී ස්ථිරකිරීම පිණිස කරන අන්තිම දේ නම් දිවිරීමය.