Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 22:11 - Sinhala New Revised Version 2018

11 ඔහු තම අසල්වැසියාගේ දේපළ සොරා නොගත් බවට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන දිවුරුමකින් දෙදෙනා අතර එය තීරණය කරගත යුතුයි. දේපළ හිමිකරු පාඩුව විඳදරාගත යුතු අතර අසල්වැසියා ඊට අලාභය නොගෙවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔහු තම අසල්වැසියාගේ දේපළ සොරා නොගත් බවට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන දිවුරුමකින් දෙදෙනා අතර එය තීරණය කරගත යුතුයි. දේපළ හිමිකරු පාඩුව විඳදරාගත යුතු අතර අසල්වැසියා ඊට අලාභය නොගෙවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඔහු තමාගේ අසල්වාසියාගේ දෙයට අත නොතැබූ බවට ඔවුන් දෙදෙනා අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිවිරීමක් වේවා; උගේ අයිතිකාරයා එය පිළිගන්නේය, අනික් අය ඊට අලාභය ගෙවන්ට ඕනෑ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 22:11
10 හුවමාරු යොමු  

සැබැවින් ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි.


එසේ දිය යුත්තේ, මා සැප සම්පතින් පිරී, ඔබ හැරදමා, “ඔය කියන සමිඳාණෝ කවරෙක් දැ”යි නොකියන පිණිසත්, මා දිළිඳෙකු වී, සොරකමට වැටී, දෙවිඳුන්ගේ නාමයට අගෞරව නොකරන පිණිසත් ය.


තවද, නැති වූ දෙයක් සම්බ වූ පසු ඒ ගැන බොරු කීමෙන් ද බොරුවට දිවිරීමෙන් ද එවැනි කිසියම් කාරණාවකට අදාළ ව පව් කරන්නේ නම්,


“යමෙක් සාක්ෂිකරුවෙකු වී සිටිය දී උසාවියේ ප්‍රසිද්ධ දිවුරුම් වචන ඇසූ පසුත්, ඒ පිළිබඳ ව තමා දුටු කරුණු හෝ දත් කරුණු හෝ නොදන්වන්නේ නම්, ඔහු ඒ ගැන වගකිව යුතු ය.


“නුඹලා අසත්‍ය ප්‍රකාශයක් නොකළ යුතු ය. බොරු සාක්ෂි දෙමින් වරදකරුවෙකුට උදව් නොකළ යුතු ය.


සොරා අසු නුවුවහොත්, ගෙහිමියා තම අසල්වැසියාගේ බඩුවලට අත නොගැසූ බවට දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවුරුම් දිය යුතු ය.


“යමෙකු අන් කෙනෙකුට කොටළුවෙකු හෝ ගොනෙකු හෝ බැටළුවෙකු හෝ වෙනත් මෘගයෙකු හෝ ප්‍රවේසම පිණිස බාර දුන් පසු, ඌ මැරුණොත්, නැත්නම් ඌට තුවාළයක් වුණොත්, එසේත් නැත්නම් කිසිවෙකුට නොපෙනී ඌ සොරා ගනු ලැබුවහොත්,


එහෙත්, ඔහුගේ මෘගයා සොරකම් කරනු ලැබුවේ නම් ඔහු අසල්වැසියාට අලාභය ගෙවිය යුතුයි.


රජුගේ ආඥා රක්ෂා කරන්න; ඔබ දෙවියන් වහන්සේට දිවුරුම් දුන් නිසා එසේ කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්