Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 5:1 - Sinhala Revised Old Version

1 යමෙක් කාරණාවක් දැක නොහොත් දැනගන සාක්ෂිකාරයෙක්ව සිටිද්දී, දිවුරවීමේ හඬ අසා නොදන්වා සිටීමෙන් පව්කළොත්, ඔහු තමාගේ අයුතුකම දැරිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “යමෙක් සාක්ෂිකරුවෙකු වී සිටිය දී උසාවියේ ප්‍රසිද්ධ දිවුරුම් වචන ඇසූ පසුත්, ඒ පිළිබඳ ව තමා දුටු කරුණු හෝ දත් කරුණු හෝ නොදන්වන්නේ නම්, ඔහු ඒ ගැන වගකිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “යමෙක් සාක්ෂිකරුවෙකු වී සිටිය දී උසාවියේ ප්‍රසිද්ධ දිවුරුම් වචන ඇසූ පසුත්, ඒ පිළිබඳ ව තමා දුටු කරුණු හෝ දත් කරුණු හෝ නොදන්වන්නේ නම්, ඔහු ඒ ගැන වගකිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 5:1
22 හුවමාරු යොමු  

යමෙක් පව්කොට ස්වාමීන්වහන්සේ නොකරන්ට අණකළ දේවලින් යමක් කළොත් ඔහු එය නොදැන සිටිය නුමුත් වැරදිකාරයෙක්ව, තමාගේ අයුතුකම දැරිය යුතුය.


හොරෙකු සමඟ හවුල්වෙන අය තමාගේම ප්‍රාණයට වෛරවන්නේය; ඔහු දිවුරවීම අසන නුමුත් කිසිවක් නොපවසයි.


නුමුත් යේසුස්වහන්සේ කථා නොකර සිටිසේක. එවිට උත්තම පූජකයා: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමියි උන්වහන්සේට කීවේය.


එය කන තැනැත්තේ තමාගේ අපරාධය දරන්නේය, මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේ අපවිත්‍රකෙළේය. ඒ තැනැත්තා තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


ඔහුගේ ශාන්ති පූජාවල යාගයේ මාංසයෙන් කිසිවක් තුන්වෙනි දවසෙහි කෑවොත් එය පිළිගනු ලැබීමවත් එය පූජාකරන තැනැත්තාගේ ගණනට තබනු ලැබීමවත් නොවිය යුතුය. එය පිළිකුලක් වන්නේය, එයින් කන තැනැත්තේද තමාගේ අයුතුකම දරන්නේය.


බලව, සියලුම ප්‍රාණ මට අයිතිය; පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව්කරන ප්‍රාණයම නසින්නේය.


යමෙක් තමාගේ අසල්වාසියාට විරුද්ධව වරදකොට ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහු පිට තබන ලදුව, ඔහු ඇවිත් මේ ගෘහයේ ඔබගේ පූජාසනය ඉදිරිපිට දිවුළොත්,


නුමුත් පවිත්‍රවූ, ගමනක යෙදී නොසිටින මනුෂ්‍යයෙක් පාස්කුව නොපවත්වා සිටින්නේනම්, ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය. ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියමකළ කාලයෙහි ඔප්පුනොකළ බැවින් ඒ මනුෂ්‍යයා තමාගේ පාපය දරනවා ඇත.


මනුෂ්‍යයෙක් තමාගේ පියාගේ දුව නොහොත් තමාගේ මවගේ දුව වන තමාගේ සහෝදරිය පාවාගෙන ඇගේ නග්නභාවය දුටුවොත්, ඈද ඔහුගේ නග්නභාවය දුටුවොත්, එය නින්දිතකමක්ය; ඔවුන් තමන් සෙනඟගේ පුත්‍රයන්ගේ ඇස් හමුවෙහි සිඳදැමිය යුතුය. ඔහු තමාගේ සහෝදරියගේ නග්නභාවය හැරීයේය; ඔහු තමාගේ අපරාධය දැරිය යුතුය.


එහෙත් ඔහු ඒවා සෝදාගන්නේවත් තමාම වතුර නාගන්නේවත් නැත්නම් ඔහු තමාගේ අයුතුකම දරනවා ඇතැයි කීසේක.


අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.


පව්කරන ප්‍රාණයම නසිනවා ඇත. පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේය, පියාද පුත්‍රයාගේ අයුතුකම නොදරන්නේය; ධර්මිෂ්ඨයාගේ ධර්මිෂ්ඨකම ඔහු පිටටත් දුෂ්ටයාගේ දුෂ්ටකම ඔහු පිටටත් පැමිණෙන්නේය.


උන්වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙනසේක. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරණකොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද උන්වහන්සේම දරාගන්නවා ඇත.


මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ‍්‍යකළ මැනව.


මක්නිසාද මාගේ අයුතුකම් මාගේ හිස වසා නැංගේය. ඒවා අධික බරක් මෙන් මට ඉතා බරවෙයි.


රජ තෙමේ: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන ලෙස මම කී වරක් නුඹ දිවුරවම්දැයි ඔහුට කීය.


රජ: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන හැටියට මම කීවරක් නුඹ දිවුරවම්දැයි ඔහුට කීවේය.


ඔහු තමාගේ මවුට කථාකොට: නුඹෙන් ගන්නා ලද්දාවූ, නුඹ ශාපකර මා ඉදිරියෙහි මතක්කළාවූ රිදී එකොළොස් සියය මා ළඟ තිබේ; ඒවා ගත්තේ මමයයි කීවේය. ඔහුගේ මවුද: මාගේ පුත්‍රයාට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද වේවයි කීවාය.


යමෙක් ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න–නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ විසින් අණකළ කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව්කොට එයින් එකක් කළොත්, [ඔහු මෙසේ කළ යුතුය.]


ඔහු තමාගේ අසල්වාසියාගේ දෙයට අත නොතැබූ බවට ඔවුන් දෙදෙනා අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිවිරීමක් වේවා; උගේ අයිතිකාරයා එය පිළිගන්නේය, අනික් අය ඊට අලාභය ගෙවන්ට ඕනෑ නැත.


මක්නිසාද දේශය කාමමිථ්‍යාචාරිකයන්ගෙන් පිරී තිබේ; ශාපයක් නිසාද දේශය වැලපෙයි; කාන්තාරයේ තණබිම් වියළී තිබේ; ඔවුන්ගේ හැසිරීම නපුරුය, ඔවුන්ගේ බලයද හරි නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්