ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 6:1 - Sinhala Revised Old Version

මුළු රාජ්‍යයෙහි සිටීම පිණිස රාජ්‍යය කෙරෙහි දිසාපතීන් එකසිය විසි දෙනෙක්ද,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාරියුස් රජතුමා තමාගේ මුළු රාජ්‍යය භාර ව සිටින පිණිස දිශාධිපතීන් එකසිය විසිදෙනෙකු පත් කිරීමට සතුටු විය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 6:1
9 හුවමාරු යොමු  

තවද ඉන්දියාව පටන් කූෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ අහෂ්වේරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය.


ජාතීන්ද මේදයේ රජවරුන්ද එහි ආණ්ඩුකාරයන්ද එහි සියලු මුලාදෑනීන්ද ඔවුන්ගේ ආණ්ඩුවේ මුළු දේශයද ඈට විරුද්ධව සූදානම්කරන්න.


මම මේදියවූ දාරියුස්ගේ පළමුවෙනි අවුරුද්දේදී ඔහුට උපකාරයක්ද ආරක්ෂාවක්ද පිණිස සිටියෙමි. ඉතින් මම නුඹට සැබෑව දන්වන්නෙමි.


තවද නෙබුකද්නෙශර් රජ තමා විසින් පිහිටෙවු රූපය කැපකිරීමට එන හැටියට කියා ඇර, දිසාපතීන්ද අධිපතීන්ද ආණ්ඩුකාරයන්ද විනිශ්චයකාරයන්ද භාණ්ඩාගාරිකයන්ද මන්ත්‍රීවරුන්ද නීතිඥයන්ද පළාත්වල සියලු මුලාදෑනියෝද රැස්කෙරෙවුවේය.


අවුරුදු හැටදෙකක් පමණ වයස්ව සිට මේදිය දාරියුස් තෙම රාජ්‍යය ලැබුවේය.


රජුට අලාභ නොපැමිණෙන පිණිස ඒ දිසාපතීන්ගෙන් ගණන්ගැනීමට ඔවුන් කෙරෙහි අමාත්‍යයන් තුන්දෙනෙක්ද පත්කිරීමට දාරියුස් සතුටුවිය; ඒ තුන්දෙනාගෙන් දානියෙල් එක්කෙනෙක්ය.


කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත්කරනු ලැබුවාවූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරොෂ්ගේ පුත්‍රව දාරියුස්ගේ පළමුවෙනි අවුරුද්දේදී,


සියලු මනුෂ්‍ය නියෝගවලට ස්වාමීන්වහන්සේ නිසා යටත්වෙන්න.