Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 9:1 - Sinhala Revised Old Version

1 කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත්කරනු ලැබුවාවූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරොෂ්ගේ පුත්‍රව දාරියුස්ගේ පළමුවෙනි අවුරුද්දේදී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මේ වනාහි කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත් කරනු ලැබූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරො‍ෂ්ගේ පුත්‍ර වූ දාරියුස් රජුගේ පළමු වන අවුරුද්දේ සිදු වූවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 9:1
9 හුවමාරු යොමු  

මම මේදියවූ දාරියුස්ගේ පළමුවෙනි අවුරුද්දේදී ඔහුට උපකාරයක්ද ආරක්ෂාවක්ද පිණිස සිටියෙමි. ඉතින් මම නුඹට සැබෑව දන්වන්නෙමි.


අවුරුදු හැටදෙකක් පමණ වයස්ව සිට මේදිය දාරියුස් තෙම රාජ්‍යය ලැබුවේය.


දානියෙල් වනාහි කෝරෙෂ් රජුගේ පළමුවෙනි අවුරුද්ද දක්වා සිටියේය.


මේ දානියෙල් දාරියුස්ගේ රජකමේද පර්සිය කෝරෙෂ්ගේ රජකමේද කාලයෙහි උසස්ව සිටියේය.


අහෂ්වේරොෂ් රජවුණු විට, ඔහුගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී, ඔව්හු යූදාහිද යෙරුසලමේද වැසියන්ට විරුද්ධව දොස් පැවරූ ලියුමක් ලියා හැරියෝය.


තවද ඉන්දියාව පටන් කූෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ අහෂ්වේරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය.


ශෝභමානවූ, සකල ශාස්ත්‍ර දැනුම් ඇත්තාවූ, දැනගැන්මද ඥානයද ඇත්තාවූ, රජුගේ මාළිගාවෙහි සිටින්ට පුළුවන්කම ඇත්තාවූ යෞවනයන් ගෙන්වාගන, කල්දිවරුන්ගේ අකුරුත් භාෂාවත් උගන්වන්ට කීවේය.


මුළු රාජ්‍යයෙහි සිටීම පිණිස රාජ්‍යය කෙරෙහි දිසාපතීන් එකසිය විසි දෙනෙක්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්