Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 6:1 - Sinhala New Revised Version

1 දාරියුස් රජතුමා තමාගේ මුළු රාජ්‍යය භාර ව සිටින පිණිස දිශාධිපතීන් එකසිය විසිදෙනෙකු පත් කිරීමට සතුටු විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මුළු රාජ්‍යයෙහි සිටීම පිණිස රාජ්‍යය කෙරෙහි දිසාපතීන් එකසිය විසි දෙනෙක්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 6:1
9 හුවමාරු යොමු  

අවුරුදු හැටදෙකක් පමණ වයස් ව සිටි මේදීය ජාතික දාරියුස් තෙමේ රාජ්‍යය භාරගත්තේ ය.


ඉන්දියාවේ පටන් එතියෝපියාව දක්වා රටවල් එකසිය විසිහතක රජකම් කළ අහෂ්වේරොෂ්ගේ දවස්වල දී සිදු වූ සිදුවීම් මෙහි විස්තර කර ඇත. ඒ කාලයේ දී ඔහු සූසා නම් අගනුවර සිංහාසනාරූඪ ව සිටියේ ය.


සියලු මනුෂ්‍ය නියෝගවලට, සමිඳාණන් වහන්සේ නිසා යටත් වෙන්න.


තමා පිහිටෙවූ ඒ රූපය කැප කරන පිණිස, දිශාධිපතීන්ට ද අධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද විනිශ්චයකාරයන්ට ද භාණ්ඩාගාරිකයන්ට ද මන්ත්‍රීවරුන්ට ද නීතිඥයන්ට ද පළාත්වල සියලු මුලාදෑනීන්ට ද රැස් වන ලෙස රජතුමා නියෝග කෙළේ ය.


ඔහු ඔවුන්ට ඉහළින් ප්‍රධාන ඇමතිවරුන් තිදෙනෙකු ද පත් කෙළේ ය. මේ තිදෙනාට වගකීම පැවරී තිබුණේ ය. දාරියුස් මෙසේ කෙළේ ඔහුට කිසි හානියක් නොවන පිණිස ය. ඒ අමාත්‍යවරුන්ගෙන් එක් කෙනෙක් දානියෙල් විය.


බබිලෝනියට විරුද්ධ ව සටන් කරන පිණිස ජාතීන් ද මේදයේ රජවරුන් ද එහි ආණ්ඩුකාරයන් ද එහි නියෝජ්‍ය ප්‍රධානීන් ද ඔවුන් යටතේ ඇති සියලු දේශයන් ද සූදානම් කරන්න.


මේ වනාහි කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත් කරනු ලැබූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරො‍ෂ්ගේ පුත්‍ර වූ දාරියුස් රජුගේ පළමු වන අවුරුද්දේ සිදු වූවකි.


මම මේදීය ජාතික දාරියුස්ගේ පළමු වන අවුරුද්දේ දී ඔහුට උපකාරයක් ද ආරක්ෂාවක් ද පිණිස සිටියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්