Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 6:2 - Sinhala Revised Old Version

2 රජුට අලාභ නොපැමිණෙන පිණිස ඒ දිසාපතීන්ගෙන් ගණන්ගැනීමට ඔවුන් කෙරෙහි අමාත්‍යයන් තුන්දෙනෙක්ද පත්කිරීමට දාරියුස් සතුටුවිය; ඒ තුන්දෙනාගෙන් දානියෙල් එක්කෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔහු ඔවුන්ට ඉහළින් ප්‍රධාන ඇමතිවරුන් තිදෙනෙකු ද පත් කෙළේ ය. මේ තිදෙනාට වගකීම පැවරී තිබුණේ ය. දාරියුස් මෙසේ කෙළේ ඔහුට කිසි හානියක් නොවන පිණිස ය. ඒ අමාත්‍යවරුන්ගෙන් එක් කෙනෙක් දානියෙල් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 6:2
14 හුවමාරු යොමු  

එකල බේල්ෂශර්ගේ ආඥාව පිට දානියෙල්ට රත්නිල් වස්ත්‍රයක් හඳවා, ඔහුගේ බෙල්ලේ රන් මාලයක් දමා, ඔහු රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාය කියා ඔහු ගැන ප්‍රසිද්ධියක් කරනලද්දේය.


නුඹට නම් අර්ථ කියාදෙන්ටත් ගැටපද පහදාදෙන්ටත් පුළුවන් බව නුඹ ගැන ඇසුවෙමි. ඉතින් ලියවිල්ල කියවා, එහි අර්ථය මට දන්වන්ට නුඹට පුළුවන්වුණොත්, නුඹට රත් නිල් වස්ත්‍රයක් හඳවා, බෙල්ලේ රන් මාලයක් දමා, නුඹ රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයා කරනු ලබන්නෙහියයි කීවේය.


මක්නිසාද මමත් මාගේ ජාතියත් නාස්තියටද මරාදැමීමටද විනාශයටද විකුණනු ලැබීමුව. දාස දාසීන් කොට අප වික්කා පමණක් නම් නිශ්ශබ්දව සිටින්නෙමි, නුමුත් එදිරිකාරයාට රජුගේ අලාභය පිරිමසාදෙන්ට නුපුළුවනැයි කීවාය.


අප්‍රමාදව මේක කරන ලෙස බලාගන්න. රජවරුන්ට අලාභ පැමිණෙන හැටියට අනතුරු වැඩිවෙන්ට ඉඩදෙන්නේ මක්නිසාද යනුයි.


ඇරත් මෙහිදී ගබඩාකාරයන්ගෙන් ඕනෑකරන්නේ එක එක මනුෂ්‍යයා විශ්වාසව සිටීමය.


එවිට ඔහු ගබඩාකාරයාට අඬගසා: නුඹ ගැන මා අසන මේ කාරණය කිමෙක්ද? නුඹේ ගබඩාකාරකමේ ගණන දෙන්න; මක්නිසාද නුඹට තවත් ගබඩාකාරයාව සිටින්ට නුපුළුවනැයි කීවේය.


එබැවින් තමාගේ දාසයන් සමඟ ගණන් බලන්ට කැමතිවු රජෙකුට ස්වර්ගරාජ්‍යය උපමාකරනු ලැබේ.


අඥානයෙකු අත පණිවිඩ අරින්නා තමාගේ පාද කපා දමා අලාභ විඳින්නේය.


ඇගේ දකුණතෙහි දීර්ඝායුසද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.


එවිට රජ අනවිනකාරයන්ද කල්දිවරුන්ද පේනකියන්නන්ද කැඳවාගෙන එන ලෙස මොරගසාකීය. රජතෙමේ බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන්ට කථාකොට: මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වාදෙන කවුරුනුමුත්, රත්නිල් වස්ත්‍රයක් හඳවනු ලැබ, බෙල්ලේ රන්මාලයක්ද දමනු ලැබ, රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාවන්නේයයි කීවේය.


මුළු රාජ්‍යයෙහි සිටීම පිණිස රාජ්‍යය කෙරෙහි දිසාපතීන් එකසිය විසි දෙනෙක්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්