ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ ලොකු කුඩා සියලු භාණ්ඩද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජුගෙත් ඔහුගේ අධිපතීන්ගෙත් වස්තුද යන සියල්ලම බබිලෝනියට ගෙනගියේය.
දානියෙල් 5:3 - Sinhala Revised Old Version එවිට ඔව්හු යෙරුසලමේ තිබුණ දෙවියන්වහන්සේගේ ගෘහයේ මාළිගාවෙන් ගත් රන් භාජන ගෙනාවෝය; රජද ඔහුගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් බීවෝය. Sinhala New Revised Version එවිට ඔව්හු ජෙරුසලමේ දේව මාලිගාවේ සිද්ධස්ථානයෙන් පැහැරගෙන එන ලද රන් රිදී භාජන ගෙනාහ. රජ ද ඔහුගේ උත්තමයෝ ද භාර්යාවෝ ද උපභාර්යාවෝ ද එයින් බීවෝ ය. |
ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ ලොකු කුඩා සියලු භාණ්ඩද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජුගෙත් ඔහුගේ අධිපතීන්ගෙත් වස්තුද යන සියල්ලම බබිලෝනියට ගෙනගියේය.
එබැවින් මිනීවළ ස්වකීය ආශාව අධික කොට, ප්‍රමාණයක් නැතුව කට ඇරගත්තේය. ඔවුන්ගේ ඉසුරද ඔවුන්ගේ සමූහයාද ඔවුන්ගේ ඝෝෂාවද ඔවුන් අතරේ ප්‍රීතිවන්නාද ඊට බැසයනවා ඇත.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පළිගැනීමද උන්වහන්සේගේ මාළිගාව ගැන පළිගැනීමද සියොන්හි දන්වන්ට බබිලොන් දේශයෙන් ගැළවී පලාඑන්නන්ගේ හඬක් ඇසෙන්නේය.
බේල්ෂශර් මුද්‍රිකපානය බොන අතර, යෙරුසලමේ තිබුණු මාළිගාවෙන් තමාගේ පියවූ නෙබුකද්නෙශර් විසින් ගත්තාවූ රන් රිදී භාජනවලින් රජද තමාගේ උත්තමයන්ද තමාගේ භාර්යාවරුන්ද උපභාර්යාවරුන්ද විසින් බොන පිණිස ඒවා ගෙනෙන්ට අණකෙළේය.
ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.
නුමුත් ධාන්‍යද මිදියුසද තෙල්ද ඈට දුන්නෙත් ඔවුන් විසින් බාල් රුප සෑදීමට ගත් රිදීද රන්ද ඈට වැඩිකළෙත් මා බව ඈ නොදැන සිටියාය.
එකල තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් ඔව්හු හුළඟක් මෙන් ගහගන ගොස් පහවන්නෝය, වරදකාරද වන්නෝය.
නුමුත් නුඹලා: ස්වාමීන්වහන්සේගේ මේසය පිළිකුල්ය, එහි ඵල එනම් එහි ආහාර නීචයයි කීමෙන් ඒ නාමය කෙලසන්නහුය.
සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.
තවද ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටිය ඒ දවස්වලදී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ එක්තරා ලෙවීයයෙක් වාසයකෙළේය. ඔහු වනාහි යුදයේ බෙත්-ලෙහෙමෙන් උප භාර්යාවක් පාවාගත්තේය,