ද්විතීය නීතිය 4:28 - Sinhala Revised Old Version එහිදී නුඹලා ඇස් පෙනෙන්නේවත් කන් ඇසෙන්නේවත් කෑම කන්නේවත් ගඳ සුවඳ දැනෙන්නේවත් නැත්තාවූ ලී සහ ගල්වලින් මනුෂ්‍යයන්ගේ අතින් සෑදුවාවූ දෙවිවරුන්ට මෙහෙකරනවා ඇත. Sinhala New Revised Version එහි දී ඔබ හැම ලීයෙන් සහ ගලින් නෙළූ මිනිස් අත්කම්වල ප්‍රතිඵල වන, කිසිත් නොදකින, නොවළඳන, ගඳ සුවඳ නොදැනෙන, දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය. Sinhala New Revised Version 2018 එහි දී ඔබ හැම ලීයෙන් සහ ගලින් නෙළූ මිනිස් අත්කම්වල ප්‍රතිඵල වන, කිසිත් නොදකින, නොවළඳන, ගඳ සුවඳ නොදැනෙන, දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය. |
මළාවූ ඔව්හු ජීවත්නොවන්නෝය; නැසීගියාවූ ඔව්හු නොනැගිටින්නෝය. එසේය, ඔබ ඔවුන් විමසා බලා ඔවුන් විනාශකොට, ඔවුන් ගැන මුළු සිහිවීම නැති කළසේක.
බලව, ඒකට සම්බන්ධව සිටින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති; කර්මාන්තකාරයෝ පවා මනුෂ්‍යයෝය. ඔවුන් සියල්ලෝම රැස්වී නැගිට සිටිත්වා; ඔව්හු භයව එක්ව ලජ්ජාවන්නෝය.
ආචාරියා පොරොවක් සාදමින්, ගිනි අඟුරුවලින් වැඩකරමින්, මිටිවලින් ඒක තළා, තමාගේ සවි හස්තයෙන් ඒක සාදයි. එසේය, ඔහුට බඩගිනිව ඔහුගේ ශක්තිය හීනවෙයි; ඔහු වතුර නොබී ක්ලාන්තවෙයි.
රූප සාදන සියල්ලෝම හිස්කමය; ඔවුන්ගේ ප්‍රිය දේවලින් ප්‍රයෝජන නැත. ඔව්හු ඔවුන්ගේම සාක්ෂිකාරයෝය; ඔව්හු නොදකිති, නොදනිති. එබැවින් ඔව්හු ලජ්ජාවට පැමිණෙන්නෝය.
ජාතීන් අතරෙන් ගැළවී සිටින තැනැත්තෙනි, රැස්වී ඇවිත් එක්ව ළංවෙන්න. තමුන්ගේ ලී රූප උසුලාගන යන්නාවූ, ගළවන්ට බැරි දෙවිකෙනෙකුට යාච්ඤා කරන්නාවූ අයට දැනුම නැත.
ඔව්හු එය කර පිට තබා, උසුලා, එය ගෙන ගොස්, ඊට නියම ඉඩමේ තබති, එයද සිටෙවු ස්ථානයෙන් නොයයි. එසේය, යමෙක් ඊට යාච්ඤාකරන නුමුත් උත්තර දෙන්ටවත් විපතෙන් ඔහු ගළවන්ටවත් එයට බැරිය.
මක්නිසාද ජනයන්ගේ චාරිත්‍ර නිෂ්ඵලය. එසේය, කෙනෙක් වනයෙන් ගහක් කපාගනිති; එය කම්කරුවාගේ අත්වලින් පොරවෙන් කරන වැඩක්ය.
ඒවා තල්ගහක් මෙන් වටකුරුකර තිබේ. ඒවා කථාකරන්නේ නැත. අඩි තබායන්ට ඒවාට බැරි නිසා උසුලාගෙනම යන්ට ඕනෑය. ඒවාට භය නොවෙන්න; මක්නිසාද අනතුරු කරන්ට ඒවාට බැරිය, යහපත කිරීමද ඒවාට නැත.
තර්ෂිෂෙන් තහඩුකළ රිදීද උපාශෙන් රන්ද ගෙනෙනු ලැබේ; ඒවා කම්කරුවාගේද රන්කරුවාගේද අත්වල වැඩක්ය; නිල් සහ රත්නිල් රෙදි ඒවායේ වස්ත්‍රය; ඒ සියල්ල දක්ෂ කම්කරුවන්ගේ වැඩක්ය.
එබැවින් මම මේ දේශය මතුපිටින් නුඹලාවත් නුඹලාගේ පියවරුන්වත් දැන නොගත් දේශය පිටට නුඹලා හෙළාදමන්නෙමි; එහි නුඹලා රෑ දාවල් අන් දෙවිවරුන්ට සේවයකරනවා ඇත; මක්නිසාද මම නුඹලාට කරුණාව නොපෙන්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
නුඹලාගේ සිත්වල හටගන්න දේ එනම්: අපි ජාතීන් වන දේශවල වංශ මෙන් ලීවලටත් ගල්වලටත් සේවය කරන්නෙමුයයි නුඹලා කියන එක සිද්ධ වෙන්නේම නැත.
එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා වනාහි ගොස් එකිනෙකා තම තමාගේ දේවරූපවලට සේවයකරන්න, නුඹලා මට ඇහුම්කන්දෙන්නේ නැත්නම් පසුත් එසේ කරන්න. නුමුත් නුඹලා මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින්ද නුඹලාගේ දේවරූපවලින්ද තවත් කෙලසන්නේ නැත.
මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට දකින්ටද අසන්ටද ලැබී තිබේ.
එවිට දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් හැරී, අහස් සේනාවට මෙහෙකරන්ට ඔවුන් අත්හැර දැමූසේක; අනාගත වක්තෘවරුන්ගේ පොතේ ඒ ගැන මෙසේ ලියා තිබේ, කෙසේද: එම්බා ඉශ්‍රායෙල් වංශය, මැරුවාවූ මෘගයන් හා යාග නුඹලා වනයෙහිදී සතළිස් අවුරුද්දක් මට පූජාකළහුද?
ස්වාමීන්වහන්සේ නුඹද නුඹ කෙරෙහි නුඹ පත්කරගන්න රජුද නුඹවත් නුඹේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක; එහිදී නුඹ ලීද ගල්ද වූ අන් දෙවිවරුන්ට සේවයකරන්නෙහිය.
පොළොවේ එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙහි ස්වාමීන්වහන්සේ නුඹ විසුරුවාදමනසේක; එහිදී නුඹවත් නුඹේ පියවරුන්වත් දැනනොගත් ලීද ගල්දවූ අන් දෙවිවරුන්ට නුඹ සේවයකරන්නෙහිය.
ඔවුන් අතරේ තිබුණ ඔවුන්ගේ පිළිකුල්කම්ද ඔවුන්ගේ ලී ගල් රන් රිදී දේව රූපද නුඹලා දුටුවහුය.)
මේ පීඩාවලින් මරනු නොලැබ ඉතිරිවූ මනුෂ්‍යයෝද යක්ෂයන්ටත් දකින්ට අසන්ට හෝ ඇවිදින්ට නුපුළුවන් රන් රිදී පිත්තල ගල් ලී යන රූපවලටත් නමස්කාර නොකරන ලෙස තමුන්ගේ අත්වල වැඩ ගැන පශ්චාත්තාපවුණේ නැත.
එබැවින් දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාගේ වචන අසත්වා. ඉදින් ඔබව මට විරුද්ධව පෙළෙඹෙවුවේ ස්වාමීන්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නාසේක්වා. නුමුත් මනුෂ්‍ය පුත්‍රයෝ නම්, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාප ලත්තෝවෙත්වා; මක්නිසාද: නුඹ ගොස් අන් දෙවිවරුන්ට සේවයකරන්න කියා, මා දැන් ස්වාමීන්වහන්සේගේ උරුමයට බැඳී නොසිටින හැටියට ඔව්හු මා පන්නා දැමුවෝය.