Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 4:28 - Sinhala New Revised Version

28 එහි දී ඔබ හැම ලීයෙන් සහ ගලින් නෙළූ මිනිස් අත්කම්වල ප්‍රතිඵල වන, කිසිත් නොදකින, නොවළඳන, ගඳ සුවඳ නොදැනෙන, දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 එහි දී ඔබ හැම ලීයෙන් සහ ගලින් නෙළූ මිනිස් අත්කම්වල ප්‍රතිඵල වන, කිසිත් නොදකින, නොවළඳන, ගඳ සුවඳ නොදැනෙන, දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 එහිදී නුඹලා ඇස් පෙනෙන්නේවත් කන් ඇසෙන්නේවත් කෑම කන්නේවත් ගඳ සුවඳ දැනෙන්නේවත් නැත්තාවූ ලී සහ ගල්වලින් මනුෂ්‍යයන්ගේ අතින් සෑදුවාවූ දෙවිවරුන්ට මෙහෙකරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 4:28
22 හුවමාරු යොමු  

“පොළොවේ එක් කොණක සිට අනික් කොණ දක්වා ජාති ජාතීන් අතරෙහි උන් වහන්සේ ඔබ විසුරුවා හරින සේක. එවිට ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත්, ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට ඔබ වැඳුම්පිදුම් කරන්නහු ය.


එබැවින්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් දැන නොගත් දේශයකට මම නුඹලා නෙරපාදමන්නෙමි. එහි නුඹලා රෑ දහවල් අන් දෙවිවරුන්ට සේවය කරනු ඇත. මම නුඹලාට කිසි අනුකම්පාවක් නොදක්වමි.’


ඔව්හු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති. ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ. යාච්ඤා කළත් පිළිතුරු දෙන්න වත්, විපතින් යමෙකු ගළවන්න වත් එයට බැරි ය.


“සමිඳාණන් වහන්සේ ඔබත්, ඔබ පත් කරගන්න රජුත් ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත් ජාතියක් වෙත ගෙන යන සේක. එහි දී ඔබ ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.


එම්බා ඉශ්රායෙල් වංශය! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා මට සවන් දෙන්නේ නැත්නම්, ගොස් එකිනෙකා තම තමන්ගේ දේව රූපවලට දැනුත් මතුත් සේවය කරන්න. එහෙත්, මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින් ද නුඹලාගේ දේව රූපවලින් ද තවත් නොකෙලෙසන්න.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන් අතරේ ගැළවී සිටින සියල්ලෙනි, එක් රැස් ව ළඟා වෙත් වා! ලී රූප උසුලාගෙන යන, ගැළවීම ගෙන දෙන්න නොහැකි, දෙවිවරුන් යදින අයට නැණ නුවණ නැත.


පිළිම සාදන සියල්ලෝ චපලයෝ ය. ඔවුන් උසස් කොට සලකන දෙවිවරු වැදගැම්මකට නැත. ඒ දෙවිවරුන් නමදින සියල්ලෝ අන්ධ ය, අඥාන ය. ඔව්හු නින්දාවට පැමිණෙන්නෝ ය.


මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබේ මෙහෙකරුවා වන මාගේ වචනවලට සවන් දෙන්න. ඔබ තුමා මට විරුද්ධ ව පෙළඹුවේ සමිඳාණන් වහන්සේ නම්, උන් වහන්සේ පූජාවක් පිළිගන්න සේක් වා! එහෙත්, ඔබ තුමා පෙළඹෙව්වේ මනුෂ්‍යයෝ නම්, ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාපලද්දෝ වෙත් වා. මන්ද, ඒ මිනිස්සු, ‘ඔබ ගොස් අන් දෙවිවරුන්ට නමස්කාර කරන්න’ කියා මට දැන් සමිඳාණන් වහන්සේගේ උරුමයට හිමිකමක් නැති වන හැටියට මා පන්නාදැමූ හ.


එවිට දෙවියන් වහන්සේ ඔවුන් වෙතින් හැරී, ග්‍රහ දේවතා නමස්කාරයට ඔවුන් අත්හැරදැමූ සේක. දිවැසිවරයන්ගේ පොතේ ඒ ගැන, ‘ඉශ්රායෙල් වංශය, කාන්තාරයෙහි සතළිස් වසක් තුළ ඔබ මට බිලි හා පූජා ඔප්පු කළහු ද?


තර්ෂිෂ් රටෙන් ගෙනා රිදී තහඩුවලින් ද ඕපීර් රටෙන් ගෙනා රත්රන්වලින් ද ඒ රූප සාදා ඇත. ඒවා සාදා ඇත්තේ, කැටයම්කරුවන්ගේ හා රන්කරුවන්ගේ අතින් ය. ඒවා දක්ෂ කම්කරුවන් විසින් නිල් හා දම් පැහැති රාජකීය ඇඳුමෙන් පළඳවනු ලැබ ඇත.


ජාතීන්ගේ චාරිත්‍ර නිෂ්ඵල ය. විජාතීන්ගේ කැපූ රූප පුහු දේවල් ය. ඒවා වනයේ ගසකින් කපාගත් ලී පමණකි. ලී කැටයම් කරුවෙක් ඒවා සිය ආයුධවලින් නෙළයි.


‘අපි විජාතීන් මෙන් ද රටවල ගෝත්‍ර මෙන් ද ලීවලටත්, ගල්වලටත් නමස්කාර කරමු’යි නුඹලාගේ සිත්හි ඇති අදහස කිසි කලක ඉටු වන්නේ ම නැත.” ‘


මේ පාවුලු වනාහි ‘අත්වලින් සැදූ දෙවිවරු, දෙවිවරු නොවෙති’යි කියමින් එපීසයේ පමණක් නොව මුළු ආසියාවේ හැම තැන ම පාහේ බොහෝ සෙනඟට උගන්වා ඔවුන් හරවා ගත් බව ඔබට දකින්නට ද අසන්නට ද ලැබී ඇත.


මේ පීඩාවලින් නොමැරී ඉතිරි වූ මනුෂ්‍යයෝ තමන්ගේ අත්වලින් කළ නිර්මාණ අත් නොහළහ; දකින්නටත්, අසන්නටත්, ඇවිදින්නටත් නොහැකි, රන්, රිදී, ලෝකඩ, ගල්, ලී ආදියෙන් කළ රූපවලටත්, දුෂ්ටාත්මයන්ටත් නමස්කාර කිරීමෙන් වැළකී නොසිටියහ.


ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ද ඔවුන් අතර වූ ලීයෙන්, ගලින්, රිදී සහ රත්රනින් නෙළූ පිළිම ද ඔබ දුටුවහු ය.


දැන් ඔවුන් මිය ගොස් ඇත; නැවත ජීවත් වන්නේ නැත. ඔවුන්ගේ අවතාර වත් නැඟිට එන්නේ නැත. ඔවුන්ගේ නාමය සිතින් මැකී ගොස් ඇත.


ආචාරියා ලෝහයක් ගෙන එය ගිනියම් කොට තමාගේ බලවත් අතින් මිටියක් ගෙන, එය තළා හැඩගසන්නේ ය. එසේ කිරීමෙන්, සාපිපාසයටත්, වෙහෙසටත් පත් වී ඔහු දුර්වල වන්නේ ය.


එසේ වී නමුත්, ඔව්හු සවන් නො දී තමන්ගේ පැරණි විධිවිධාන ලෙස කළහ.


එයට නමස්කාර කරන සියල්ලෝ නින්දාවට පැමිණෙන්නෝ ය. පිළිම සාදන කම්කරුවෝ සාමාන්‍ය මනුෂ්‍යයෝ ය. ඊට වැඩි දෙයක් ඔවුන්ට නැත. ඔව්හු නඩු විනිශ්චයය සඳහා ඉදිරිපත් වෙත් වා. ඔව්හු බිය වී, නින්දා ලබති.


ඒවා වනාහි කැකිරි වත්තක සිටුවා ඇති, කතා කරන්නට බැරි පඹයන් වැනි ය. ඒවාට ඇවිදින්නට බැරි නිසා ඔසවාගෙන යා යුතු ය. ඒවාට බිය නොවන්න; මන්ද, නුඹලාට අනතුරක් කරන්න වත් යහපතක් කරන්න වත් ඒවාට බැරි ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්