ද්විතීය නීතිය 33:24 - Sinhala Revised Old Version ඔහු ආෂෙර් ගැන කියනුයේ–ආෂෙර්ට දරුසම්පත ලැබේවා; ඔහු තමාගේ සහෝදරයන්ට ප්‍රීතියක්ව සිටීවා, තමාගේ පාදය තෙලෙහි ගල්වා ගනීවා. Sinhala New Revised Version ආෂෙර්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “හැමට වඩා ආෂෙර්ට ආසිරි වේ වා! තම සෝයුරන් අතර ප්‍රියමනාප වේ වා! සිය පා, තෙලෙහි ගල්වා ගනී වා! Sinhala New Revised Version 2018 ආෂෙර්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “හැමට වඩා ආෂෙර්ට ආසිරි වේ වා! තම සෝයුරන් අතර ප්‍රියමනාප වේ වා! සිය පා, තෙලෙහි ගල්වා ගනී වා! |
නුඹේ භාර්යාව නුඹේ ගෙය ඇතුළෙහි ඵලදෙන මිදිවැලක් මෙන් වන්නීය. නුඹේ දරුවෝ නුඹේ මේසේ අවට ඔලීව පැළ මෙන් වන්නෝය.
නුමුත් දෙවියන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියෙහි කරුණාවත් ප්‍රඥාවත් ඔහුට දුන්සේක; ඒ රජ මිසරයටද තමාගේ මුළු ගෙටද ඔහු ආණ්ඩුකාරයා කොට පත්කෙළේය.
කුමක්හෙයින්ද ඒ කාරණාවලින් ක්‍රිස්තුස්වහන්සේට සේවයකරන අය දෙවියන්වහන්සේට ප්‍රසන්නවූද මනුෂ්‍යයන් විසින් යහපතැයි ඒත්තු ගන්නාවූද කෙනෙක්ය.
දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන සතුටින් නුඹලා ළඟට ඇවිත් නුඹලා සමඟ නිවාඩු ලබන ලෙසත්,