Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 33:23 - Sinhala Revised Old Version

23 ඔහු නප්තලී ගැන කියනුයේ–එම්බා නප්තලී, කරුණාවෙන් තෘප්තියට පැමිණ, ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදයෙන් පූර්ණව සිටින නුඹ, බස්නාහිර දිශාවද දකුණු දිශාවද හිමිකර ගන්නැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 නප්තලීගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා නප්තලී! ප්‍රසාදයෙන් සෑහීමට පත්, සමිඳුන්ගේ ආසිරියෙන් පිරිපුන් ඔබ, අපර දිග ද දකුණු දිග ද හිමි කරගන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 නප්තලීගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා නප්තලී! ප්‍රසාදයෙන් සෑහීමට පත්, සමිඳුන්ගේ ආසිරියෙන් පිරිපුන් ඔබ, අපර දිග ද දකුණු දිග ද හිමි කරගන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 33:23
10 හුවමාරු යොමු  

නප්තලී මුදාහරිනලද මුවදෙනක්ය. ඔහු ශෝභන වචන පවසයි.


අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.


පූජකයන්ගේ ආත්ම තරකමෙන් පූර්ණ කරන්නෙමි, මාගේ සෙනඟද මාගේ යහපත්කමින් තෘප්තියට පැමිණෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.‍‍‍


ඔව්හු ඔබගේ ගෘහයේ පූර්ණකමෙන් බොහෝසේ තෘප්තියට පැමිණෙන්නෝය; ඔබගේ ප්‍රීතිය නමැති ගංගාවෙන් ඔබ ඔවුන්ට පානයකරවනසේක.


උන්වහන්සේ නාසරෙත් නුවර හැර, සාබුලොන් සහ නප්තලීයේ සීමාවල මුහුදුබඩ තිබෙන කපර්ණවුමට පැමිණ, එහි වාසයකළසේක.


අපේ සියලු දවස්වලදී ප්‍රීතිසන්තෝෂ වෙන පිණිස, උදය කාලයෙහි ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙවුව මැනව.


වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.


ඔහු ආෂෙර් ගැන කියනුයේ–ආෂෙර්ට දරුසම්පත ලැබේවා; ඔහු තමාගේ සහෝදරයන්ට ප්‍රීතියක්ව සිටීවා, තමාගේ පාදය තෙලෙහි ගල්වා ගනීවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්