Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 33:24 - Sinhala New Revised Version

24 ආෂෙර්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “හැමට වඩා ආෂෙර්ට ආසිරි වේ වා! තම සෝයුරන් අතර ප්‍රියමනාප වේ වා! සිය පා, තෙලෙහි ගල්වා ගනී වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ආෂෙර්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “හැමට වඩා ආෂෙර්ට ආසිරි වේ වා! තම සෝයුරන් අතර ප්‍රියමනාප වේ වා! සිය පා, තෙලෙහි ගල්වා ගනී වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඔහු ආෂෙර් ගැන කියනුයේ–ආෂෙර්ට දරුසම්පත ලැබේවා; ඔහු තමාගේ සහෝදරයන්ට ප්‍රීතියක්ව සිටීවා, තමාගේ පාදය තෙලෙහි ගල්වා ගනීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 33:24
11 හුවමාරු යොමු  

ආෂෙර්ගේ රට අගනා ආහාර නිපදවයි, ඔහු රජෙකුට නිසි රස මස’වුලු සපයයි.


එලෙස ක්‍රිස්තුන් වහන්සේට සේවය කරන්නා දෙවියන් වහන්සේගෙන් ප්‍රසාදයත්, මිනිසුන්ගෙන් ප්‍රශංසා වත් දිනාගනී.


ඔබේ දරු මුණුබුරන් දකින්නට ලැබේ වා! ඉශ්රායෙල් සෙනඟට සාමය වේ වා!


ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය.


මාගේ ගව සම්පතෙන් කිරි ද පර්වතයේ ඔලීව ගස්වලින් තෙල් ගංගා ද ගලා ආවේ ය.


සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජ වූ පාරාවෝ ඉදිරියෙහි වරප්‍රසාදයත් ප්‍රඥාවත් ඔහුට දුන් සේක. පාරාවෝ තෙමේ මිසරයට ද තමාගේ මුළු රජ ගෙදරට ද, පාලකයා ලෙස ඔහු පත් කෙළේ ය.


අහසත්, පොළොවත් මැවූ සමිඳාණෝ ඔබට ආශීර්වාද කරන සේක් වා!


උදය කාලය දක්වා ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. උදය කාලය දක්වා යමක් ඉතිරි වී නම්, එය ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය.


ජෙරුසලම උදෙසා මා කරන උපස්ථානය දෙවියන් වහන්සේගේ සෙනඟට පිළිගත හැකි දෙයක් වන පිණිසත්, දේව කැමැත්ත අනුව ප්‍රීතියෙන් ඔබ වෙත පැමිණ, ඔබ සමඟ විවේක සුවය ලබන පිණිසත්,


ආෂෙර් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්