අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේද බාෂාන්හි රජවූ ඕග්ගේද දේශයවූ ගිලියද් දේශයෙහි සිටිය උරීගේ පුත්‍රවූ ගෙබෙර්ය; ඒ දේශයෙහි සිටියේ එක මුලාදෑනියෙක්ය.
ද්විතීය නීතිය 3:8 - Sinhala Revised Old Version එකල අපි යොර්දානෙන් මෙගොඩ අර්ණොන් ඔයේ පටන් හෙර්මොන් කන්ද දක්වා තිබෙන දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා අතින් ගතිමු. Sinhala New Revised Version “තවද, අපි එකල අර්ණොන් ගංගාවේ සිට හෙර්මොන් කන්ද දක්වා ජොර්දාන් ගඟින් මෙගොඩ දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාගෙන් පැහැර ගත්තෙමු. Sinhala New Revised Version 2018 “තවද, අපි එකල අර්ණොන් ගංගාවේ සිට හෙර්මොන් කන්ද දක්වා ජොර්දාන් ගඟින් මෙගොඩ දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාගෙන් පැහැර ගත්තෙමු. |
අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේද බාෂාන්හි රජවූ ඕග්ගේද දේශයවූ ගිලියද් දේශයෙහි සිටිය උරීගේ පුත්‍රවූ ගෙබෙර්ය; ඒ දේශයෙහි සිටියේ එක මුලාදෑනියෙක්ය.
මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ පුත්‍රයෝ දේශයෙහි වාසයකළෝය. ඔව්හු බාෂාන් පටන් බාල්-හෙර්මොන්ද සෙනීර්ද හෙර්මොන් කන්දද දක්වා ගණනින් වැඩිවූවෝය.
මාගේ දෙවියන්වහන්ස, මාගේ ආත්මය මා තුළෙහි මලානිකවෙයි. එබැවින් යොර්දාන් දේශයෙත් හෙර්මොන් කඳුවලත් මිශාර් කන්දෙත් සිට ඔබ සිහිකරමි.
නැගෙනහිරට තිබෙන අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ගේ දේශයද බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයද,
නැගෙනහිරට යොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වාද මුළු නැගෙනහිර අරබා සමභූමියටද ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහරදී හිමිකරගත්තාවූ ඒ දේශයේ රජවරු මොව්හුය.
අනික් අර්ධ ගෝත්‍රයටත් රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ඔවුන්ට ලැබී තිබුණේය.