Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 3:8 - Sinhala New Revised Version 2018

8 “තවද, අපි එකල අර්ණොන් ගංගාවේ සිට හෙර්මොන් කන්ද දක්වා ජොර්දාන් ගඟින් මෙගොඩ දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාගෙන් පැහැර ගත්තෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 “තවද, අපි එකල අර්ණොන් ගංගාවේ සිට හෙර්මොන් කන්ද දක්වා ජොර්දාන් ගඟින් මෙගොඩ දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාගෙන් පැහැර ගත්තෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එකල අපි යොර්දානෙන් මෙගොඩ අර්ණොන් ඔයේ පටන් හෙර්මොන් කන්ද දක්වා තිබෙන දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා අතින් ගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 3:8
12 හුවමාරු යොමු  

නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තෝ ය. ඒ දේශයේ රජවරු මොවුහු ය.


මනස්සේගේ සෙසු අර්ධ ගෝත්‍රයටත්, රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ජොර්දානෙන් නැගෙනහිර ප්‍රදේශය උරුම කොට දුන්නේ ය.


අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ ද බාෂාන්හි රජ වූ ඕග්ගේ ද දේශය වූ ගිලියද් දේශයෙහි විසූ උරීගේ පුත් ගෙබෙර් ය. ඒ දේශයෙහි සිටියේ එක නිලධාරියෙක් පමණ ය.


මාගේ දෙවියෙනි, මාගේ හදවත දෙදරා යන්න ළඟ ය, එබැවින් මවු බිමෙන් ඈත, ජොර්දාන් ගංතෙර ද හෙර්මොන් කඳුකරයෙහි ද මිශාර් කන්දෙහි ද සිට මම ඔබ සිහි කරමි.


උතුරත්, දකුණත් ඔබ මැවූ සේක; තාබෝර් සහ හර්මොන් යන කඳු ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයන්නේ ය.


ඔව්හු බාෂාන්හි රජු වූ ඕග්ගේ දේශය ද අයිති කරගත්හ. මේ දෙදෙනා ජොර්දාන් ගඟෙන් මෙගොඩ නැගෙනහිර දෙස පදිංචි වූ අමෝරිවරුන්ගේ රජවරු ය.


ඔවුන් අයිති කරගත් දේශය අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් සිට හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා විහිදිණි.


මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය.


ඔබේ දිය ඇලිවල ඝෝෂාවෙන් කැළඹී, මම ගැඹුරෙන් ගැඹුරට කිඳා බසිමි. ඔබේ රළ පතර මා වසාගෙන ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්