ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 24:12 - Sinhala Revised Old Version

ඔහු දිළිඳෙක් නම් ඔහුගේ උකස නුඹ ළඟ තිබෙද්දී නිදානොගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

යමෙක් දිළිඳු නම්, ඔහු ඔබට උකසට දුන් වස්ත්‍රය රෑ කාලයේ තබා නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

යමෙක් දිළිඳු නම්, ඔහු ඔබට උකසට දුන් වස්ත්‍රය රෑ කාලයේ තබා නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 24:12
8 හුවමාරු යොමු  

මක්නිසාද නුඹ කාරණයක් නැතුව නුඹේ සහෝදරයාගෙන් උකස් ගත්තෙහිය, ඇඳුම් නැත්තන්ගෙන් වස්ත්‍රය උදුරා ගත්තෙහිය,


එබැවින් ඔව්හු ඇඳුම් නැතුව නග්නව ඇවිදිති, සාගින්නෙන් යුක්තව ගොයම් මිටි ගෙනයති;


ඔව්හු පියා නැත්තාගේ කොටළුවා දක්කාගන යති, වැන්දඹුවගේ හරකා උකසට ගනිති.


ඔව්හු රෑ මුළුල්ලේ වස්ත්‍ර නැතුව නග්නව ලගිති, ශීතලට වැස්මකුත් ඔවුන්ට නැත.


පියා නැත්තා ළයෙන් උදුරාගන්නොත් අසරණයාගෙන් උකසක් ගන්නොත් ඇත.


නුඹෙන් ණයට ගන්න තැනැත්තා උකස නුඹ ළඟට පිටතට ගෙනේවා.


ඔහු තමාගේ වස්ත්‍රය පෙරවාගන නිදාගන්න පිණිසද නුඹට ආශීර්වාදකරන පිණිසද ඉරබස්නා කල්හි ඔහුගේ උකස නුඹ විසින් ඔහුට දිය යුතුමය. ඒක නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹට ධර්මිෂ්ඨකම වන්නේය.


විදේශියාගේද පියා නැත්තාගේද විනිශ්චය නොපෙරළන්න; වැන්දඹුවගේ වස්ත්‍රය උකසට නොගන්න.