Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 24:3 - Sinhala Revised Old Version

3 ඔව්හු පියා නැත්තාගේ කොටළුවා දක්කාගන යති, වැන්දඹුවගේ හරකා උකසට ගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සමහරු අනාථයන්ගේ කොටළුවන් සොරා ගනිති; වැන්දඹුවක ණය ගෙවන තුරු ඇගේ ගොනා තබා ගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සමහරු අනාථයන්ගේ කොටළුවන් සොරා ගනිති; වැන්දඹුවක ණය ගෙවන තුරු ඇගේ ගොනා තබා ගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 24:3
9 හුවමාරු යොමු  

කිසිවෙක් ඇඹරුම් යන්ත්‍රයවත් උඩ ගලවත් උකසට නොගනීවා. මක්නිසාද එය ප්‍රාණය උකසට ගැනීම වේ.


මම මෙහිය. මම කාගේ හරකා ගතිම්ද? කාගේ කොටළුවා ගතිම්ද? කාට අයුක්තියක් කෙළෙම්ද? කාට බලාත්කාරකමක් කෙළෙම්ද? මාගේ ඇස් වසාගන්න පිණිස කාගෙන් අල්ලසක් ගතිම්දැයි ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉදිරියෙහි මට විරුද්ධව සාක්ෂි දෙන්න, එවිට මම එය නැවත නුඹලාට දෙන්නෙමියි කීවේය.


නුඹේ අසල්වාසියාගේ වස්ත්‍රය කොහෙත්ම උකස්කොට ගත්තෙහිනම් ඉර බහින විට නුඹ ඒක නැවත ඔහුට දියයුතුය.


එසේය, නුඹලා පියා නැත්තා ගැන පවා පසඇට දමා, නුඹලාගේ මිත්‍රයා වෙළඳාම් බඩුවක් කරගන්නහුය.


යමෙකු විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් වූ තමාගේ සහෝදරයන්ගෙන් කිසිවෙකු සොරකම්කොට ඔහු වාලට ගත් බව හෝ වික්ක බව හෝ දැනගන්ට ලැබුණොත්, ඒ සොරා මරනු ලබන්නේය. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්