ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 24:10 - Sinhala Revised Old Version

නුඹේ අසල්වාසියාට නුඹ කිසිවක් ණයට දෙන කල ඔහුගේ උකස ගැනීමට ඔහුගේ ගෙට ඇතුල්නොවී, පිටත සිටින්න,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඔබේ සහෝදරයාට යමක් ණයට දුන් පසු, ඒ වෙනුවට උකසක් ගැනීම සඳහා ඔහුගේ ගෙදරට ඇතුළු නොවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඔබේ සහෝදරයාට යමක් ණයට දුන් පසු, ඒ වෙනුවට උකසක් ගැනීම සඳහා ඔහුගේ ගෙදරට ඇතුළු නොවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 24:10
5 හුවමාරු යොමු  

මක්නිසාද නුඹ කාරණයක් නැතුව නුඹේ සහෝදරයාගෙන් උකස් ගත්තෙහිය, ඇඳුම් නැත්තන්ගෙන් වස්ත්‍රය උදුරා ගත්තෙහිය,


නුඹේ අසල්වාසියාගේ වස්ත්‍රය කොහෙත්ම උකස්කොට ගත්තෙහිනම් ඉර බහින විට නුඹ ඒක නැවත ඔහුට දියයුතුය.


මක්නිසාද ඒක ඔහුගේ එකම වැස්මය, ඒක ඔහුගේ ඇඟේ වස්ත්‍රයය. ඔහු නිදන විට පෙරවාගන්නේ කුමක්ද? තවද ඔහු මට හඬගසන විට ඇහුම්කන් දෙන්නෙමි; මක්නිසාද මම කරුණාභරිතය.


නුඹේ අත ඔහුට විදහා, ඔහුගේ හිඟකමට සෑහෙන පමණ ඇත්තෙන්ම ඔහුට ණයට දෙන්ට ඕනෑය.


නුඹෙන් ණයට ගන්න තැනැත්තා උකස නුඹ ළඟට පිටතට ගෙනේවා.