ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 24:1 - Sinhala Revised Old Version

මනුෂ්‍යයෙක් ස්ත්‍රියෙක් ගෙන ඈ සරණපාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් ඇති බව ඔහුට දැනගන්ට ලැබීම නිසා ඔහු ඈට අප්‍රසන්නවී නම්, ඔහු ඈට අත් ඇරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටත්කර හරීවා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“යම් පුරුෂයෙකු කාන්තාවක පාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් නිසා ඈට අකමැති වුවහොත්, දික්කසාද පත්‍රයක් ලියා, ඇය අතට දී, තම ගෙදරින් ඇය පිට කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“යම් පුරුෂයෙකු කාන්තාවක පාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් නිසා ඈට අකමැති වුවහොත්, දික්කසාද පත්‍රයක් ලියා, ඇය අතට දී, තම ගෙදරින් ඇය පිට කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 24:1
19 හුවමාරු යොමු  

ඔහු වෙන තැනැත්තියක් සරණපාවා ගත්තොත් ඔහු ඇගේ කෑමද ඇඳීමද විවාහයේ යුතුකමද අඩුනොකරන්නේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.


මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාව අත්හැරිය කල, ඈ ඔහු වෙතින් ගොස් වෙන මනුෂ්‍යයෙකුට වුණොත්, ඔහු නැවත ඈ වෙතට හැරෙනවා ඇද්ද? ඒ දේශය ඉතා පිළිකුල් නොවන්නේදැයි ඔව්හු කියති. නුඹ වනාහි ආලය ඇත්තන් බොහෝදෙනෙකු සමඟ වේශ්‍යාකම්කෙළෙහිය; එහෙත් මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එහෙත් ඒ සියලු කාරණා නිසා එනම් අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කාමමිථ්‍යාචාරය කළ නිසා මම ඈ අත්හැරදමා ඇගේ අත්හැරීම් පත්‍රය ඈට දුන් නුමුත්, ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදාත් භය නොවී ගොස් වේශ්‍යාකම් කරන බව දුටිමි.


මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් නුඹලාගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටින්න.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න–යම් මනුෂ්‍යයෙකුගේ භාර්යාව අහක්ව ඇගේ පුරුෂයාට විරුද්ධව වැරද්දක් කර,


නුමුත් ඒ ස්ත්‍රී කිලුටු නොව පවිත්‍රව සිටී නම්, ඈ උපද්‍රවයෙන් බේරී ගර්භීණී වන්නීය.


ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයාවූ යෝසෙප් ඈ නින්දාවට පමුණුවන්ට නොකැමතිව, රහසින් ඈ අත්හරින්ට සිතුවේය.


තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණපාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරයකරයි. පුරුෂයෙකු විසින් අත්හරිනලද ස්ත්‍රිය සරණපාවා ගන්න තැනැත්තේද කාමමිථ්‍යාචාරය කරයි.


මනුෂ්‍යයෙකුට ප්‍රියවූ තැනැත්තියක්ද අප්‍රියවූ තැනැත්තියක්ද වන භාර්යාවන් දෙදෙනෙක් ඇත්නම්, ප්‍රියවූ තැනැත්තීත් අප්‍රියවූ තැනැත්තීත් දෙන්නාම ඔහු නිසා දරුවන් බිහිකළෝනම්, අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයා කුලුඳුලා වන්නේ නම්,


මනුෂ්‍යයෙක් භාර්යාවක් පාවාගෙන ඈ කරා එළඹ ඈට වෛරවී කථාකොට:


ඔහු ඉශ්‍රායෙල් කන්‍යාවකට විරුද්ධව නරක නාමයක් පතළකළ බැවින් රිදී ෂෙකෙල් සියයක් ඔහුට දඩගසා ඒවා යෞවනියගේ පියාට දෙත්වා, ඈ ඔහුගේ භාර්යාව වන්නීය; ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටිය යුතුය.


ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකෙල් පනසක් දෙන්ට ඕනෑය, ඔහු ඈට අවමාන්නකළ බැවින් ඈ ඔහුගේ භාර්යාව වන්නීය: ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටින්ට ඕනෑය.


ඈ ඔහුගේ ගෙයින් අහක්වුණාම ඈට ගොස් වෙන කෙනෙකුගේ භාර්යාව වෙන්ට පුළුවන.


දෙවෙනි පුරුෂයාත් ඈට ද්වේෂකර ඈට අත්හැරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටකරන්නේ නම්, නොහොත් ඈ භාර්යාකොට ගත් දෙවෙනි පුරුෂයා නසින්නේ නම්,