Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 5:28 - Sinhala Revised Old Version

28 නුමුත් ඒ ස්ත්‍රී කිලුටු නොව පවිත්‍රව සිටී නම්, ඈ උපද්‍රවයෙන් බේරී ගර්භීණී වන්නීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 එහෙත්, ඈ දූෂණය නොවී නිර්දෝෂ ව සිටී නම් ඈට නපුරක් නොවනු ඇත, ඈ ද දරුවන් පිළිසිඳ ගන්නී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 එහෙත්, ඈ දූෂණය නොවී නිර්දෝෂ ව සිටී නම් ඈට නපුරක් නොවනු ඇත, ඈ ද දරුවන් පිළිසිඳ ගන්නී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 5:28
8 හුවමාරු යොමු  

එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.


මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට,


උන්වහන්සේ වඳ ස්ත්‍රීය දරුවන් ඇති ගෙය රක්නාවූ ප්‍රීතිමත් මවෙක් කරවනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


ඈ දිවුරවමින් ඈට කථාකොට: නුඹේ පුරුෂයා යටතේ සිටිනාතර කිසි පුරුෂයෙකු නුඹ සමඟ සයනය නොකළානම්, නුඹ අපවිත්‍රකමට අහක්ව නොගියානම්, ශාපය උපදවන මේ තික්ත වතුරෙන් නුඹට අන්තරා නොවේවා.


එවිට ඈ කිලුටුව සිටීනම්, ඇගේ පුරුෂයාට විරුද්ධව වැරුද්දක් කර තිබේනම්, ඔහු ඒ වතුර ඈට බොන්ට සැලැස්සුවායින් පසු ශාපය උපදවන ඒ වතුර තික්තවන පිණිස ඈ තුළට පැමිණ ඇගේ බඩ ඉදිමෙන්ටත් ඇගේ කළවය ක්ෂයවීයන්ටත් යෙදී ඒ ස්ත්‍රී ඇගේ සෙනඟ අතරෙහි ශාපයක් වන්නීය.


කාමශංකාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ස්ත්‍රියෙක් තමාගේ පුරුෂයා යටතේ සිටිනාතර අහක්ව ගොස් කිලුටුවූ කල හෝ,


මනුෂ්‍යයෙක් ස්ත්‍රියෙක් ගෙන ඈ සරණපාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් ඇති බව ඔහුට දැනගන්ට ලැබීම නිසා ඔහු ඈට අප්‍රසන්නවී නම්, ඔහු ඈට අත් ඇරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටත්කර හරීවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්