ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 21:21 - Sinhala Revised Old Version

එවිට ඔහුගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසත්වා. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න; මුළු ඉශ්‍රායෙල්ද අසා භය වෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට නගරයේ සියලු ම මිනිස්සු ඔහුට ගල් ගසා මරණයට පත් කරන්නෝ ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. මුළු ඉශ්රායෙල් ජනතාව මෙය ගැන ඇසූ විට බිය වනු ඇත.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට නගරයේ සියලු ම මිනිස්සු ඔහුට ගල් ගසා මරණයට පත් කරන්නෝ ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. මුළු ඉශ්රායෙල් ජනතාව මෙය ගැන ඇසූ විට බිය වනු ඇත.”

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 21:21
21 හුවමාරු යොමු  

ඔව්හු අබ්සලොම් රැගෙන වනයෙහි තිබුණ මහත් වළේ හෙළා ඔහු පිට ඉතා මහත් ගල්ගොඩක් නැගුවෝය. සියලු ඉශ්‍රායෙල්වරුද තම තමුන්ගේ කූඩාරම්වලට පලා ගියෝය.


තමාගේ පියාට හෝ මවුට හෝ ශාප කරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.


පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.


නැවත ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් හෝ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි සිටින විදේශීන්ගෙන් හෝ තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දෙන කවරෙකු නුමුත් සැබවින් මරනු ලැබිය යුතුය; දේශයේ වැසියෝ ඔහුට ගල්ගසත්වා.


ආත්ම බන්ධනකරුවූ නොහොත් ශාස්ත්‍රකාරවූ පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ සැබවින් මරනු ලැබිය යුතුය. ඔවුන් ගල්ගසනු ලැබිය යුතුය. ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේයයි කීසේක.


දෙස්කීවාවූ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනයන්න; ඔහුගේ වචන ඇසූ සියල්ලෝ තමුන්ගේ අත් ඔහුගේ හිස පිට තබත්වා, මුළු සභාවද ඔහුට ගල්ගසාවා.


ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය; මුළු සභාව සැබවින් ඔහු ගල්ගසා මැරිය යුතුය. විදේශියා වුවත් ස්වදේශියා වුවත් ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකළොත් මරනු ලැබිය යුතුය.


පූජකයාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව උදෙසා සමඟිකමක් කෙරේවා, එවිට ඔවුන්ට කමාව ලැබේ; මක්නිසාද ඒක වැරදිල්ලක්ය, ඔව්හුද ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට තමුන්ගේ පූජාව සහ තමුන්ගේ පාප පූජාවත් තමුන්ගේ වැරදිල්ල ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනාවාහුය.


ස්වාමීන්වහන්සේද: ඒ මනුෂ්‍යයා සැබැවින් මරනු ලැබිය යුතුය. මුළු සභාව කඳවුරෙන් පිටතදී ගල්ගසා ඔහු මරත්වයි මෝසෙස්ට කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මුළු සභාව කඳවුරෙන් පිටතට ඔහු ගෙනගොස් ඔහුට ගල් ගැසුවාය, ඔහු මළේය.


එහෙත් පිටත සිටින්නන් දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක. ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහකරන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ වාසය කරන්ට දෙන නුවරකදී සමභර අධමයන් නුඹලා අතරෙන් නික්ම ගොස්:


ඒ අනාගතවක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතුය; මක්නිසාද යන ලෙස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ මාර්ගයෙන් නුඹ අහක්කිරීමට, නුඹලා මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ, වහල්කමේ ගෙයින් නුඹලා මුදාගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් වෙන් වෙන්ටය කියා ඔහු කථාකළ නිසාය. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්න.


නුඹලා අවට නුඹට කිට්ටුව හෝ නුඹෙන් ඈත්ව හෝ පොළොවේ එක් කොනක සිට අනික් කොන දක්වා සිටින මනුෂ්‍ය වර්ගයන්ගේ දෙවිවරුන්වූ,


ඒ නපුරු දේ කළාවූ ඒ පුරුෂයා හෝ ඒ ස්ත්‍රිය හෝ නුඹේ දොරටු ළඟට ගෙනවුත්, ඒ පුරුෂයා හෝ ස්ත්‍රිය මැරෙණ පිණිස ඔවුන්ට ගල් ගසන්න.


ඔහු මරණ පිණිස පළමුකොට සාක්ෂිකාරයන්ගේ අත්ද පසුව මුළු සෙනඟගේ අත්ද ඔහු පිට තබනු ලැබේවා. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්නෙහිය.


මේ අපේ පුත්‍රයා මුරණ්ඩුය, කැරළිකාරය, ඔහු අපට කීකරු නොවී නාස්තිකාරයෙක් ව බේබද්දෙක්ව සිටීයයි ඔහුගේ නුවර වැඩිමහල්ලන්ට කියත්වා.


ඔව්හු ඈ ඇගේ පියාගේ දොරකඩ ළඟ පිටතට ගෙනවුත්, ඈ තම පියාගේ ගෙදරදී වේශ්‍යාකම් කොට ඉශ්‍රායෙල් අතරේ නින්දිතකම් කළ බැවින්, ඈ මැරෙන පිණිස නුවර මනුෂ්‍යයෝ ඈට ගල්ගසත්වා. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.


ඒ යෞවනී නුවර සිටලාත් මොර නොගැසූ බැවින්ද ඒ මනුෂ්‍යයා තමාගේ අසල්වාසියාගේ භාර්යාවට අවමාන්න කළ බැවින්ද ඔවුන් දෙන්නාම ඒ නුවර දොරටුව ළඟට ගෙනගොස් ඔවුන් මැරෙන පිණිස ඔවුන්ට ගල්ගසන්න. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.