ඒ දිවැසිවරයා හෝ ස්වප්න තෝරන්නා හෝ මරණයට පත් කළ යුතු ය. මන්ද, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා, වහල්කමේ නිවාසයෙන් ඔබ මුදාගත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඈත් කිරීමට ඔහු වැරවෑයම් කළ බැවිනි. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ ඉවත් කිරීමට ඔහු වෑයම් කළ බැවින් ඔබ අතරෙන් එවැනි නපුරක් පහකොට දැමිය යුතු ය.