පවිත්‍ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය.
ද්විතීය නීතිය 21:12 - Sinhala Revised Old Version ඈ තමාගේ හිස මුඩුකොට, ඇගේ නියපොතු කපා, Sinhala New Revised Version ඇය ගෙදර ගෙනැවිත්, ඇගේ හිස බූගෑ යුතු ය. ඇගේ නියපොතු කැපිය යුතු ය. Sinhala New Revised Version 2018 ඇය ගෙදර ගෙනැවිත්, ඇගේ හිස බූගෑ යුතු ය. ඇගේ නියපොතු කැපිය යුතු ය. |
පවිත්‍ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය.
සත්වෙනි දවසේදී තමාගේ සියලු කේස එනම් තමාගේ ඉසකෙස්ද තමාගේ රැවුලද තමාගේ ඇස්බැමිද බූගාගන තමාගේ වස්ත්‍ර සෝදාගන තමාගේ ශරීරය වතුරෙන් නාවාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය.
නුමුත් ඔහුගේ කැපවූ හිස අපවිත්‍රවෙන පරිද්දෙන් යමෙක් ඔහු ළඟ ඉතා හදිසියෙන් මළොත්, ඔහු පිරිසිදුවෙන දවසේ එනම් සත්වෙනි දවසේ තමාගේ හිස බූගා ගනීවා.
නුමුත් හිස නොවසා යාච්ඤාකරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ ස්ත්‍රී තමාගේ හිසට අගෞරව කරන්නීය. මක්නිසාද ඈ මුඩුකළ හිස ඇත්තියකට සමානය.
මක්නිසාද ස්ත්‍රියෙක් හිස වසා නොගනිතොත් හිසකේ කපාගනීවා. නුමුත් ස්ත්‍රියකට හිසකේ කැපීමවත් මුඩුකිරීමවත් ලජ්ජාවක්නම් ඈ හිස වැස්මක් ඇතුව සිටීවා.
[එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා,
ඔවුන් අතරේ රුව ඇති ස්ත්‍රියෙකු දැක ඈට ඇලුම්වී ඈ භාර්යාව කොට ගත්තොත්, ඈ නුඹේ ගෙදරට ගෙනයන්න;