Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 21:11 - Sinhala Revised Old Version

11 ඔවුන් අතරේ රුව ඇති ස්ත්‍රියෙකු දැක ඈට ඇලුම්වී ඈ භාර්යාව කොට ගත්තොත්, ඈ නුඹේ ගෙදරට ගෙනයන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔවුන් අතර ඔබ කැමැති, රුවැති කාන්තාවක දැක, ඇය ඔබේ බිරිඳ කරගන්නට කැමැති නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔවුන් අතර ඔබ කැමැති, රුවැති කාන්තාවක දැක, ඇය ඔබේ බිරිඳ කරගන්නට කැමැති නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 21:11
12 හුවමාරු යොමු  

රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.


ගුණවත් ස්ත්‍රියෙක් කාට සම්බවේද? ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය.


ඇගේ රූපශ්‍රීයට නුඹේ සිතින් ආශානොවන්න; ඇගේ ඇසිපියවලින් ඈ නුඹ අසුකරනොගනීවා.


පුරුෂයන් සමඟ සයනයකිරීමෙන් පුරුෂයෙකු දැන නොගත් සියලුම ගෑනු දරුවන් ඉතුරුකර ගන්න.


හාමොර් ඔවුන් හා සමඟ කථාකරමින්: මාගේ පුත්‍රවූ ෂෙඛෙම්ගේ සිත නුඹලාගේ දියණිය කෙරෙහි ඇලුම්වෙයි. ඈ භාර්යාකොට ඔහුට දුන මැනවි.


ඔහුගේ සිත යාකොබ්ගේ දූවූ දීනා කෙරෙහි ඇලුම්විය, ඔහු ඒ තරුණියට ආදරව ඈට කරුණාවන්ත ලෙස කථාකෙළේය.


දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.


නුඹේ සතුරන්ට විරුද්ධව නුඹ සටනට ගොස් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවා දෙන විට නුඹ ඔවුන් වහල්කමට අල්වාගෙන,


ඈ තමාගේ හිස මුඩුකොට, ඇගේ නියපොතු කපා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්