එවිට ඒදොම්හි අධිපතියෝ විස්මයට පත්වූවෝය; වෙවුලුම මෝවබ්හි බලවන්තයන් අල්වාගනී. කානාන්හි සියලු වැසියෝ දියව ගියෝය.
ද්විතීය නීතිය 20:8 - Sinhala Revised Old Version මුලාදෑනීහු සෙනඟට තවත් කථාකර: භයවෙන්නාවූ ක්ලාන්ත සිතක් ඇත්තාවූ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙට හැරීයේවා, නැත්නම් ඔහුගේ සිත මෙන් ඔහුගේ සහෝදරයන්ගේ සිත්ද දියවෙනවා ඇතැයි කියන්ට ඕනෑය. Sinhala New Revised Version “නිලධාරීන් තවදුරටත් සේනාව අමතමින්, ‘බිය වන, අධෛර්ය වන යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. එවිට ඔහුගේ සිත මෙන් සෙසු සහෝදර ජනතාවගේ සිත් ද අධෛර්යට පත් නොවනු ඇතැ’යි කිව යුතු ය. Sinhala New Revised Version 2018 “නිලධාරීන් තවදුරටත් සේනාව අමතමින්, ‘බිය වන, අධෛර්ය වන යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. එවිට ඔහුගේ සිත මෙන් සෙසු සහෝදර ජනතාවගේ සිත් ද අධෛර්යට පත් නොවනු ඇතැ’යි කිව යුතු ය. |
එවිට ඒදොම්හි අධිපතියෝ විස්මයට පත්වූවෝය; වෙවුලුම මෝවබ්හි බලවන්තයන් අල්වාගනී. කානාන්හි සියලු වැසියෝ දියව ගියෝය.
එහෙත් ඔහු සමඟ ගිය මනුෂ්‍යයෝ කථාකොට: ඒ සෙනඟට විරුද්ධව යන්ට අපට නොහැකිය; මක්නිසාද ඔවුන් අපට වඩා බලවත්යයි කීවෝය.
ඔව්හු එෂ්කොල් මිටියාවතට ගොස් දේශය දැක ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දුන් දේශයට ඔවුන් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ සිත් කලකිරෙවුවෝය.
එහෙත් යේසුස්වහන්සේ: නගුලේ අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැයි ඔහුට කීසේක.
අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය.
නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.
එබැවින්: භයද තැතිගැන්මද ඇති කවුරු නුමුත් ගිලියද් කන්දේ සිට හැරීයේවයි සෙනඟට ඇසෙන්ට ප්‍රසිද්ධකරන්නැයි කීසේක. එවිට සෙනඟගෙන් විසිදෙදාහක් හැරීගියෝය; දසදාහක් ඉතිරිව සිටියෝය.