Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 13:31 - Sinhala Revised Old Version

31 එහෙත් ඔහු සමඟ ගිය මනුෂ්‍යයෝ කථාකොට: ඒ සෙනඟට විරුද්ධව යන්ට අපට නොහැකිය; මක්නිසාද ඔවුන් අපට වඩා බලවත්යයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එහෙත්, ඔහු සමඟ ගිය සෙසු චරපුරුෂයෝ කතා කරමින්, “සෙනඟ පරාජය කිරීමට තරම් අප බලසම්පන්න නොවන්නට පුළුවන, ඔව්හු අපට වඩා ශක්ති සම්පන්න ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එහෙත්, ඔහු සමඟ ගිය සෙසු චරපුරුෂයෝ කතා කරමින්, “සෙනඟ පරාජය කිරීමට තරම් අප බලසම්පන්න නොවන්නට පුළුවන, ඔව්හු අපට වඩා ශක්ති සම්පන්න ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 13:31
8 හුවමාරු යොමු  

අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය.


එහෙත් මා සමඟ ගිය මාගේ සහෝදරයෝ සෙනඟගේ සිත් දියව යන්ට සැලැස්සුවෝය. නුමුත් මම සම්පූර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගියෙමි.


මෙසේ නොඇදහිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල්වෙන්ට නුපුළුවන්වූ බව අපට පෙනෙන්නේය.


ඔව්හු එෂ්කොල් මිටියාවතට ගොස් දේශය දැක ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දුන් දේශයට ඔවුන් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ සිත් කලකිරෙවුවෝය.


එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. දැන් නුඹ යොර්දානෙන් එතරවී, නුඹට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් පන්නා දමන්ටත්, අහස දක්වා පවුරු ඇති මහත් නුවරවල් අල්ලාගන්ටත්,


කාලෙබ් මෝසෙස් ඉදිරියෙහි සෙනඟ නිශ්ශබ්ද කරවා: අපි වහාම නැගී ගොස් ඒක හිමිකර ගනිමු; මක්නිසාද අපට ඒක යටත්කරගන්ට හොඳටම පුළුවනැයි කීය.


සාවුල්ද: මේ පිලිස්තියාට විරුද්ධව ගොස් ඔහු සමඟ සටන්කරන්ට නුඹට බැරිය. මක්නිසාද නුඹ තරුණයෙක්ය, ඔහු වනාහි තරුණ වයස පටන් යුද්ධකාරයෙක්ව සිටින්නෙකැයි දාවිත්ට කීවේය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දේශයට නොයන ලෙස ඔවුන්ගේ සිත් කුමට කලකිරවවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්