ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 2:32 - Sinhala Revised Old Version

එවිට සීහොන්ද ඔහුගේ මුළු සෙනඟද අපට විරුද්ධව සටන්කරන පිණිස යහශ්ට ආවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 2:32
10 හුවමාරු යොමු  

තවද ඔබ රාජ්‍යයන්ද ජනයන්ද ඔවුන්ටදී, ඔවුන් පළාත්වලට බෙදා නියමකළසේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශය එනම් හෙෂ්බොන්හි රජුගේ දේශයත් බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයත් හිමිකරගත්තෝය.


මම සමාදානයට කැමැත්තෙමි. නුමුත් මා කථාකරන කල ඔව්හු සටනට සැරසෙති.


අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා,


අමෝරිවරුන්ගේ රජවූ සීහොන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: බලව, සීහොන්ද ඔහුගේ දේශයද නුඹට පාවා දෙන්ට පටන්ගතිමි. ඔහුගේ දේශය හිමි කරගන්නා පිණිස එය අල්ලාගන්ට පටන් ගන්නැයි කීසේක.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු අපට පාවාදුන්සේක; අපි ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් ඔහුගේ මුළු සෙනඟටත් පහරදුනිමු.


එකල අපි හැරී බාෂාන්ට යන මාර්ගයෙන් නැගී ගියෙමුව. බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද සටන්කරන්ට අපට විරුද්ධව එද්රෙයිට ආවෝය.


නැගෙනහිරට යොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වාද මුළු නැගෙනහිර අරබා සමභූමියටද ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහරදී හිමිකරගත්තාවූ ඒ දේශයේ රජවරු මොව්හුය.