එහෙත් සත්වෙනි අවුරුද්දේ නුඹේ සෙනඟගේ දිළිඳුන් එයින් කන පිණිස ඒක නොවපුරා නිකම් තිබෙන්ට හරින්න. ඔවුන් ඉතිරිකරන දෙය කෙතේ මෘගයෝ කත්වා. නුඹේ මිදිවත්ත සහ ඔලීවවත්ත ගැනත් එසේම කරන්න.
ද්විතීය නීතිය 15:11 - Sinhala Revised Old Version දිළින්දෝ කවදාත් දේශයෙහි ඉන්නෝමය. එබැවින් නුඹේ දේශයෙහිදී නුඹේ සහෝදරයාවූ නුඹේ දුප්පතාටත් නුඹේ දිළින්දාටත් නුඹේ අත සැබවින් විදහන්නැයි නුඹට අණකරමි. Sinhala New Revised Version දිළින්දෝ කවරදාත් දේශයෙහි සිටින්නෝ ය. එබැවින් රටෙහි සිටින දිළින්දා සහ අගහිඟකම් ඇති ඔබේ සහෝදරයන් කෙරෙහි ත්‍යාගශීලී වන ලෙස මම ඔබට අණ කරමි.” Sinhala New Revised Version 2018 දිළින්දෝ කවරදාත් දේශයෙහි සිටින්නෝ ය. එබැවින් රටෙහි සිටින දිළින්දා සහ අගහිඟකම් ඇති ඔබේ සහෝදරයන් කෙරෙහි ත්‍යාගශීලී වන ලෙස මම ඔබට අණ කරමි.” |
එහෙත් සත්වෙනි අවුරුද්දේ නුඹේ සෙනඟගේ දිළිඳුන් එයින් කන පිණිස ඒක නොවපුරා නිකම් තිබෙන්ට හරින්න. ඔවුන් ඉතිරිකරන දෙය කෙතේ මෘගයෝ කත්වා. නුඹේ මිදිවත්ත සහ ඔලීවවත්ත ගැනත් එසේම කරන්න.
දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.
කිසිවෙකුට පීඩා නොකොට, ණය ගැන ගත් උකස නැවත දුන්නේ නම්, කිසිවෙකුගෙන් කොල්ල නොකා, බඩගිනි ඇත්තාට තමාගේ කෑම දී, වස්ත්‍ර නැති අයට වස්ත්‍ර ඇන්දෙවුවේ නම්,
මක්නිසාද දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති, නුඹලා කැමති කලක ඔවුන්ට යහපත කරන්ට නුඹලාට පුළුවන. නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමි.
නුඹලා සන්තක දේ විකුණා දන් දෙන්න; පරණ නොවන පසුම්බිද නැති නොවන වස්තුවක්ද ස්වර්ගයෙහි නුඹලාට සපයාගන්න; එහි සොරෙක් ළංවන්නේවත් කාවෙක් කන්නේවත් නැත.
මක්නිසාද දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමියි කීසේක.
ඔව්හු තමුන්ගේ ගම් බිම් සහ දේපළ විකුණා, එකිනෙකාට වුවමනාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදාදුන්නෝය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ යම් නුවරක් තුළ නුඹේ සහෝදරයන්ගෙන් යම් දිළින්දෙක් නුඹ වෙත සිටින්නේ නම්, නුඹ නුඹේ හෘදය දැඩිකරගන්නේවත් නුඹේ දිළිඳු සහෝදරයා වෙතින් නුඹේ අත පියාගන්නේවත් නැතුව,