Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 2:45 - Sinhala Revised Old Version

45 ඔව්හු තමුන්ගේ ගම් බිම් සහ දේපළ විකුණා, එකිනෙකාට වුවමනාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදාදුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 ඔව්හු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ වුවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

45 ඔවුහු තමන් සතු දේපළ හා භාණ්ඩ විකුණා, අවශ්‍යතා ඇතියවුන් සමඟ බෙදා හදා ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 ඔව්හු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ වුවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 2:45
20 හුවමාරු යොමු  

නුමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?


හිඟ ඇති–කිසිවෙක් ඔවුන් අතරෙහි නොවීය. මක්නිසාද බිම් හෝ ගෙවල් හෝ ඇති සියල්ලෝ ඒවා විකුණා, විකුණනලද දේවල මිල ගෙනත්,


යේසුස්වහන්සේ ඒ අසා: නුඹට තව එක දෙයක් අඩුය. නුඹ සන්තක සියල්ල විකුණා, දිළිඳුන්ට බෙදාදෙන්න, එවිට ස්වර්ගයෙහි නුඹට වස්තුව ලැබෙන්නේය. මා අනුවයන්ට එන්නැයි ඔහුට කීසේක.


දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.


ඒ හැටියට– ඔහු විසිරෙවුවේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවතින්නේයයි ලියා තිබේ.


එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයෙහි විසූ සහෝදරයන්ට ආධාරෝපකාර යවන්ට නියමකරගත්තෝය.


යේසුස්වහන්සේද: නුඹ සම්පූර්ණවෙන්ට කැමති නම් ගොස් නුඹ සන්තකදේ විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහිදී නුඹට වස්තු ලැබෙන්නේය. නුඹ මා අනුව යන්ට එන්නැයි ඔහුට කීසේක.


සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය.


ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය.


මමත් නුඹලාට කියමි: අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න; එවිට එය පහවයන කල ඔව්හු නුඹලා සදාකාල කූඩාරම්වලට පිළිගන්නවා ඇත.


ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීම ගැන මා විසින් නුඹලාට ලිවීම ඕනෑ නැත.


ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවෝය. එකල එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදාදෙන ලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්