යූදාහි නුවරවල විසූ ඉශ්‍රායෙල් සහ යූදා පුත්‍රයෝ ගොනුන්ගෙනුත් බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාවෝය, ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකළාවූ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක්ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබුවෝය.
ද්විතීය නීතිය 14:28 - Sinhala Revised Old Version හැම තුන් අවුරුදු කෙළවරදී ඒ අවුරුද්දේ නුඹේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම පිටතට ගෙනවුත් නුඹේ දොරටු ඇතුළෙහි තබන්න. Sinhala New Revised Version “සෑම තුන් අවුරුද්දක් අවසානයේ දී ඔබ ඒ තෙ වන අවුරුද්දේ ලැබූ අස්වැන්නෙන් දසයෙන් කොටස ගෙනැවිත් වාසල් දොරටු ඇතුළත තැබිය යුතු ය. Sinhala New Revised Version 2018 “සෑම තුන් අවුරුද්දක් අවසානයේ දී ඔබ ඒ තෙ වන අවුරුද්දේ ලැබූ අස්වැන්නෙන් දසයෙන් කොටස ගෙනැවිත් වාසල් දොරටු ඇතුළත තැබිය යුතු ය. |
යූදාහි නුවරවල විසූ ඉශ්‍රායෙල් සහ යූදා පුත්‍රයෝ ගොනුන්ගෙනුත් බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාවෝය, ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකළාවූ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක්ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබුවෝය.
බෙතෙල්ට ඇවිත් වරදකරන්න; ගිල්ගාල්හි බොහෝසෙයින් වරදකොට, හැම උදයම නුඹලාගේ පූජාද තුන් දවසකට වරක් නුඹලාගේ ඔතුද ගෙනෙන්න;
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නිතරම භයවෙන්ට ඉගෙනගන්න පිණිස අවුරුද්දෙන් අවුරුද්ද කෙතේ නුඹේ බීජවලින් හටගන්න සියලු අස්වැන්නෙන් දසයෙන් කොටසක් වෙන්කර,