Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 31:6 - Sinhala Revised Old Version

6 යූදාහි නුවරවල විසූ ඉශ්‍රායෙල් සහ යූදා පුත්‍රයෝ ගොනුන්ගෙනුත් බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාවෝය, ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකළාවූ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක්ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ජුදාහි නගරවල විසූ ඉශ්රායෙල්වරු සහ ජුදාවරු ගොනුන්ගෙනුත්, බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාහ. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක් ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ජුදාහි නගරවල විසූ ඉශ්රායෙල්වරු සහ ජුදාවරු ගොනුන්ගෙනුත්, බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාහ. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක් ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 31:6
5 හුවමාරු යොමු  

භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යයෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට අයිතිය. එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.


හැම තුන් අවුරුදු කෙළවරදී ඒ අවුරුද්දේ නුඹේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම පිටතට ගෙනවුත් නුඹේ දොරටු ඇතුළෙහි තබන්න.


මෝසෙස්ට කථාකොට: කරන්ට කියා ස්වාමීන්වහන්සේ අණකළ කර්මාන්ත මෙහෙවරය සඳහා සෑහෙන පමණට හුඟක් වැඩියෙන් සෙනඟ ගෙනෙතියි කීවෝය.


ඔව්හු තුන්වෙනි මාසයේදී ඒ ගොඩවල් තබන්ට පටන්ගෙන හත්වෙනි මාසයේදී නිමකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්