නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන පිණිස තෝරාගන්න ස්ථානය නුඹට දුර වැඩිනම් ස්වාමීන්වහන්සේ නුඹට දුන් ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද කොයි එකෙක් නුමුත් මා නුඹට අණකළ ලෙස මරා, නුඹේ සිතේ මුළු ආශාව ලෙස නුඹේ දොරටු ඇතුළතදී කන්න.
ද්විතීය නීතිය 12:22 - Sinhala Revised Old Version මුව මස්ද ගෝන මස්ද මෙන් නුඹ ඒවා කන්න. අපවිත්‍ර අයටද පවිත්‍ර අයටද එක සමානව ඒවා කන්ට පුළුවන. Sinhala New Revised Version මුව මස් සහ ගෝන මස් කන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර වූ හෝ අපවිත්‍ර වූ හෝ ඕනෑ ම කෙනෙකුට ඒ මස් කෑ හැකි ය. Sinhala New Revised Version 2018 මුව මස් සහ ගෝන මස් කන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර වූ හෝ අපවිත්‍ර වූ හෝ ඕනෑ ම කෙනෙකුට ඒ මස් කෑ හැකි ය. |
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන පිණිස තෝරාගන්න ස්ථානය නුඹට දුර වැඩිනම් ස්වාමීන්වහන්සේ නුඹට දුන් ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද කොයි එකෙක් නුමුත් මා නුඹට අණකළ ලෙස මරා, නුඹේ සිතේ මුළු ආශාව ලෙස නුඹේ දොරටු ඇතුළතදී කන්න.
එහෙත් ලේ නොකන්ට ප්‍රවේසම් වන්න. මක්නිසාද ලේ ප්‍රාණයය; එබැවින් නුඹ මාංසය සමඟ ප්‍රාණය නොකෑ යුතුය.
ගවයාද බැටළුවාද එළුවාද, ගෝනාද තිත්මුවාද වැලිමුවාද වල්එළුවාද ඕලුමුවාද කුරංගයාද වාතමෘගයාද යන මේ සත්තුය.
ඌද නුඹේ දොරටු ඇතුළතදී කන්න. මුව මස්ද ගෝන මස්ද මෙන් අපවිත්‍ර අයටත් පවිත්‍ර අයටත් එකාකාරයෙන් එය කන්ට පුළුවන.