ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 12:21 - Sinhala Revised Old Version

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන පිණිස තෝරාගන්න ස්ථානය නුඹට දුර වැඩිනම් ස්වාමීන්වහන්සේ නුඹට දුන් ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද කොයි එකෙක් නුමුත් මා නුඹට අණකළ ලෙස මරා, නුඹේ සිතේ මුළු ආශාව ලෙස නුඹේ දොරටු ඇතුළතදී කන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීම සඳහා තෝරාගත් ස්ථානය දුර නම්, මා ඔබට අණ කළ පරිදි උන් වහන්සේ දුන් ගව පට්ටිවලින් සහ එළු බැටළු පට්ටිවලින් ඔබ කැමැති පරිදි සතුන් මරා, වාසල් දොරටු ඇතුළත ඔබට අනුභව කළ හැකි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීම සඳහා තෝරාගත් ස්ථානය දුර නම්, මා ඔබට අණ කළ පරිදි උන් වහන්සේ දුන් ගව පට්ටිවලින් සහ එළු බැටළු පට්ටිවලින් ඔබ කැමැති පරිදි සතුන් මරා, වාසල් දොරටු ඇතුළත ඔබට අනුභව කළ හැකි ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 12:21
13 හුවමාරු යොමු  

සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් යූදාහි රජකම් කෙළේය. රෙහොබොවම් රජ වෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ දහහත් අවුරුද්දක් රජකම් කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය.


මෙසේ රෙහොබොවම් රජ යෙරුසලමෙහි ස්ථිරවී රජකම්කෙළේය. රෙහොබොවම් තෙම රජවෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමෙහි දහහත් අවුරුද්දක් රජකම්කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය.


මේක වෙනස්කර යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මේ ගෘහය විනාශකරන්ට තමුන්ගේ අත දිගුකරන සියලු රජුන්ද ජාතීන්ද ස්වකීය නාමය එහි පිහිටෙවුවාවූ දෙවියන්වහන්සේ විනාශකරනසේක්වා. දාරියුෂ් නම් මම නියෝගයක් කෙළෙමි; එය ඉක්මනින් ඉෂ්ටකරනු ලැබේවා යනුයි.


පස්වලින් පූජාසනයක් මට සාදා නුඹේ දවන පූජාද නුඹේ ශාන්ති පූජාද නුඹේ බැටළුවන්ද නුඹේ ගවයින්ද එහි පූජාකරව. මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතට අවුත් නුඹට ආශීර්වාදකරන්නෙමි.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,


එසේ වී නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන ආශීර්වාදයේ හැටියට නුඹේ සියලු දොරටු ඇතුළේ නුඹේ සිතේ මුළු ආශාවේ හැටියට නුඹට සතුන් මරා මස් කන්ට පුළුවන. මුවමස්ද ගෝනමස්ද මෙන් අපවිත්‍ර අයටත් පවිත්‍ර අයටත් ඒවා කන්ට පුළුවන.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණු ලෙස නුඹේ සීමාව විශාලකළ කල්හි මස් කන්ට නුඹේ සිත ආශාවෙන නිසා: මම මස් කන්නෙමියි නුඹ කියන විට නුඹේ සිතේ මුළු ආශාව ලෙස මස් කන්ට පුළුවන.


මුව මස්ද ගෝන මස්ද මෙන් නුඹ ඒවා කන්න. අපවිත්‍ර අයටද පවිත්‍ර අයටද එක සමානව ඒවා කන්ට පුළුවන.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද නුඹලා අතරෙහි සිටින විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී, සවස ඉර බසින විට, එනම් මිසරයෙන් නුඹ පිටතට ආ කාලයේ, නුඹ පාස්කුව පූජාකරන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන නුඹේ දේශයෙන් රැස්කරගන්නාවූ භූමියේ සියලු ඵලවලින් ප්‍රථම ඒවායෙන් ස්වල්පයක් රැගෙන පෙට්ටියක දමාගෙන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයට යන්න.