ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 11:30 - Sinhala Revised Old Version

ඒවා යොර්දානෙන් එතර බස්නාහිර පාරට එහායින් අරබා සමභූමියෙහි වාසයකරන කානානිවරුන්ගේ රටෙහි ගිල්ගාල් ඉදිරිපිටවූ මොරේගේ ආලොන් ගස් ළඟ තිබෙනවා නොවේද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මේ කඳු දෙක, ජොර්දාන් ගඟින් එතෙර, බටහිරට පිහිටි කානානිවරුන් වසන මිටියාවතෙහි ගිල්ගාල් නගරය අසල මොරේගේ ආලෝන අරඹ ළඟ පිහිටා තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මේ කඳු දෙක, ජොර්දාන් ගඟින් එතෙර, බටහිරට පිහිටි කානානිවරුන් වසන මිටියාවතෙහි ගිල්ගාල් නගරය අසල මොරේගේ ආලෝන අරඹ ළඟ පිහිටා තිබේ.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 11:30
6 හුවමාරු යොමු  

ආබ්‍රම් ඒ දේශය මැදින් ෂෙඛෙම් නම් ස්ථානයෙහි මොරේගේ ආලොන් වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයෙහි කානානිවරු දේශයෙහි සිටියෝය.


බෙත්-ගිල්ගාලෙනුත් ගෙබාහිද අස්මාවෙත්හිද කෙත්වලිනුත් රැස්වූවෝය. මක්නිසාද ගීතිකාකාරයෝ යෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝය.


මෙසේ සෙනඟ පළමුවෙනි මස දසවෙනිදා යොර්දානෙන් නැගී අවුත් යෙරිකෝවට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාල්හි කඳවුරු බැඳ ගත්තෝය.


ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මම අද නුඹලා කෙරෙන් මිසරයේ නින්දාව අහකට පෙරළුවෙමියි කීසේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි අද දක්වා කියනු ලැබේ.


එවිට යෙරුබ්බාල් නම්වූ ගිඩියොන්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද අලුයම නැගිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය. මිදියන් කඳවුරු ඔවුන්ට උතුරෙන් මෝරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේය.


ඔවුන් එය යෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිසීම් කන්ද මුදුනේ සිට ශබ්දනගා මොරගසමින්: ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන්වහන්සේ නුඹලාට ඇහුම්කන්දෙන පිණිස නුඹලා මට ඇහුම්කන්දෙන්න.