Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 11:30 - Sinhala New Revised Version 2018

30 මේ කඳු දෙක, ජොර්දාන් ගඟින් එතෙර, බටහිරට පිහිටි කානානිවරුන් වසන මිටියාවතෙහි ගිල්ගාල් නගරය අසල මොරේගේ ආලෝන අරඹ ළඟ පිහිටා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 මේ කඳු දෙක, ජොර්දාන් ගඟින් එතෙර, බටහිරට පිහිටි කානානිවරුන් වසන මිටියාවතෙහි ගිල්ගාල් නගරය අසල මොරේගේ ආලෝන අරඹ ළඟ පිහිටා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 ඒවා යොර්දානෙන් එතර බස්නාහිර පාරට එහායින් අරබා සමභූමියෙහි වාසයකරන කානානිවරුන්ගේ රටෙහි ගිල්ගාල් ඉදිරිපිටවූ මොරේගේ ආලොන් ගස් ළඟ තිබෙනවා නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 11:30
6 හුවමාරු යොමු  

ආබ්‍රම්, ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේ ය. එකල ඒ රටේ කානානිවරු සිටියෝ ය.


ජෙරුබ්බාල් නම් ගිඩියොන් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද අලුයම් වේලෙහි නැඟිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝ ය. ඔවුන්ට උතුරෙන් මිදියන්වරුන්ගේ කඳවුරු මොරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේ ය.


එවිට සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “මම අද නුඹලා කෙරෙන් මිසරයේ වහල්කමෙන් ලත් අපකීර්තිය ඉවත් කෙළෙමි”යි වදාළ සේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි කියනු ලැබී ය.


මෙලෙස සෙනඟ පළමු වන මාසයේ දස වන දින ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, ජෙරිකෝවට නැගෙනහිර දිශාවෙහි ගිල්ගාල් නම් ස්ථානයෙහි කඳවුරු බැඳගත්තෝ ය.


මේ කරුණ ගැන ජෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිශීම් කන්ද පිට සිට මොරගසමින් මෙසේ කීවේ ය: “ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන් වහන්සේ ඔබට සවන් දෙන පිණිස, ඔබ මට සවන් දෙන්න.


බෙත්-ගිල්ගාලෙනුත්, ගෙබාහි ද අශ්මාවෙත්හි ද ගම්වලිනුත් රැස් වූ හ. ගායකයෝ ජෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්